චීනඩි පොස්ටරය හා අපූරු නිල ඇඳුම්

කරුණාපාලගේ පරණ චීනඩි පෝස්ටරය
(උපුටාගැනීම - අන්තර්ජාලයෙන්)
අද මහා අංගම් ශිල්පියෙකු ලෙස පෙනී සිටින කරුණාපාල එදා චීනඩි උගැන්වූ සමයේ ගැසූ චීනඩි සමඟ උගැන්වීමට ගැසූ චීනඩි පොස්ටරය ඔහු චීනඩි ශිල්පියෙකු බව කීමට කදිම නිදසුනි.


කරුණාපාලගේ අපූරු ඇඳුම් සම්ප්‍රදාය

ලංකාවේ දැනට බිහිවී සිටින අංගම් චෞරයන්ගෙන් වඩාත්ම කැපී පෙනෙන විකටයා වීමේ වරම් ලද ජයග්‍රාහකයා වන්නේ ගිනිඅලුගේ කරුණාපාල වීම නොකිවමනාය. අපූරු ගැටබෙරයකින් ද අපූරු ආයුධයකින්ද සැදුම්ලත් මොහු අභියෝග කරන්නේ ද අපූරු ආකාරයකට ය. කෙසේ වෙතත් අද වන විට තමන්ගේ පරණ ගෝල බාලයින් තමා අත්හැර ගොස් අන් අය සමඟ ගිවිසුම් ගසා ගන්නා අවාසනාවන්ත මට්ටමකට පත්ව සිටින ජී. කරුණාපාලට කුහුඹු පැණියාගේ තීන්දුවක් වත් දීමට කවුරුත් නැති වී තිබේ. 

එය එසේ වුව ද, හැට පිරුණත් වඳුරා බිම නොයයි කීවාසේ පාහරකම උපතින්ම උරුම කර ගත් තක්කඩියන්ට තමන්ගේ මරණ මඤ්චකයේදී පවා තක්කඩිකම අත්හැරිය නොහැකි ය. මෑත කාලයේ කරුණාපාලගේ වෙබ් අඩවියේ යොදා තිබූ පින්තූර සමූහයක් දුටු අපට මෙම ලිපිය ලිවීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බව හැඟී ගියේ හරකා පොල් පැළයට හැටී පොල්පැලය කමින් සිටින නිසාවෙන් යයි කිව යුතු ය.


ඉහත පිංතූර දකින අයෙකුට කරුණාපාල යනු සාම්ප්‍රදායික සටන් ශිල්පියෙකු බව හැඟී යනු ඇත්තේ ඔහු භාවිතා ඇති කොට සරම හා කාන්තා සටන් ඇඳුමට ආසන්නව යන නැට්ටුවන්ගේ කච්චිය හා හැට්ටය නිසාවෙනි. ලංකාවේ සාම්ප්‍රදායික ඉතිහාසය දන්නා කෙනෙකුගේ මානසිකත්වයෙන් එය එසේ වුවද කරුණාපාලයේ ඇඳුම් සම්ප්‍රදායේ ඉතිහාසය දන්නා කෙනෙකුට නම් දැනෙන්නේ දැඩි පිළිකුල් සහගත සංවේගයකි. නමුත් මේ දෙවැනි පිරිස ලංකාවේ හීන බැවින් පළමුවැනි පිරිසට දෙවැනි පිරිසේ අවබෝධය ලබා දෙනු වස් පහතින් කරුණාපාලගේ ඇඳුම් ආයිත්තම් විකාශනය දක්වමු.

කරුණාපාලගේ ඇඳුම් ආයිත්තම් විකාශනය

1. නිල ඇඳුම් නොදත් කරුණාපාලගේ චීනඩි තරුණ විය

චීන අඩි සමග දුර්ලභ ගනයේ සටන් ක්‍රමයක් වන පොලු සටන්ද මෙම පාථමාලාවට අයත් වේ“ යනුවෙන් මුද්‍රිත අත් පත්‍රිකා බෙදා හරිමින් ධර්ම නිකේතන ශාලාව, 42, නාවල - කොස්වත්ත යන ස්ථානයේ සහ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ අසූව දශකයේ සිට පන්ති පැවැත්වූ කරුණාපාල යනු නිශ්චිත නිල ඇඳුමක් රහිත නොදියුණු සටන් ක්‍රමයක් වන චීනඩි හා පොලු සටන් (සිලම්බරම්) ඉගැන්වූ සුප්‍රසිද්ධ චීනඩි ගුරුවරයෙකි.

තුසිත ආත්මාරක්ෂ සංගමය නමින් එදා චීනඩි ඉගැන්වූ අද අංගම්පොර නමින් චීනඩි උගන්වන මෙම චෞරයා එදා කලිසමක් ඇඳගෙන ගත් පින්තූර තුළ නිශ්චිත නිල ඇඳුමක් දක්නට නොලැබේ. එදා නන්චක්කු සටන් ද ඉදිරිපත් කළ මේ චෞරයා අද අංගම්පොර නමින් මගඩියක් ඉදිරිපත් කළ ද එදා අංගම්පොර යන වචනය වත් නොදැන සිටියා විය යුතු ය.



2. නිල ඇඳුම් නිර්මාණය කර ගැනීමට පෙර යුගය

කරුණාපාල විසින් නිල ඇඳුම් සාදා ගැනීමට ප්‍රථම කලිසම්, බොටම් හා ටී සර්ට් හැඳගෙන කරන ලද අංගම් නම භාවිතා කළ චීනඩි ඉරියව්.

මෙහි වම් පස පින්තූරය සන්දර්ශනයක් තුළදී ආයුධ තබාගෙන ගන්නා ලද පින්තූරයකි.




3. කුන්ග් ෆූ ඇඳුමින් පිටපත් කොට සකසා ගත් පළමු නිල ඇඳුම

කරුණාපාලලා අංගම්පොර නම භාවිතා කිරීමට ආරම්භ කළ කාලයේ ලංකාවේ ප්‍රස්ද්ධව පැවති කුන්ග් ෆූ සටන් කලාවේ නිල ඇඳුමට සමාන ඇඳුම මෙයයි.

මෙය කරුණාපාලගේ පළමු නිල ඇඳුමයි. මේ තුළ කිසිඳු දේශීය උරුවක් නොමැති අතර දිග කලිසම හා සර්ට් එකක් පමණක් ඇත. කුඩා ප්‍රමාණයේ ඉණ පටියක් ඇත. මෙහි පිටුපස ඇති බැනරයේ දක්වා ඇත්තේ ‘ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනය‘ කියා ය. එනම් කරුණාපාල ඇතුළු චීනඩි හා මලයාලම් සටන් ශිල්පීන් කිහිප දෙනෙක් එකතු ඇති කර ගත් ලංකාවේ පළමුවෙන්ම අංගම් නම භාවිතා කළ සටන් කලා සම්මේලනයයි. මෙහි මූලිකත්වය දැරූයේ සිරි කොතලාවල ය. එදා චීනඩි කරුණාපාලව අංගම් කරුණාපාල බවට පත් කළ  සිරි කොතලාවල අද කරුණාපාලට  උදව් කරන්නේ නැත.


4. පැරණි සන්නාහ කට්ටලය උරුවකට මසා නිමකළ හැට්ටය හා සරුවාලය

නිශ්චිත යාර ගණනක රෙද්දකින් සැකසූ පැරණි කච්චියක උරුවට මසා නිමකළ ඇඳුමකි. පැරණි සටන් චිත්‍ර අධ්‍යයනය කොට මෙය සකසා ඇත. කෙසේ වෙතත් මෙය වඩාත්ම සමීප වන්නේ ඉන්දියානු සරුවාලය වැන්නකට ය. ඇඳුමේ උඩ හැට්ටය සන්නාහ ඇඳුමක උරුවකට මසා ඇත.

කකුළක් එසවීමට පවා අපහසු මට්ටමකින් අසාර්ථකව නිමකොට ඇති බව බැලූ බැල්මට පෙනී යයි. මෙම ඇඳුම අදටත් ජ්‍යේෂ්ඨ යයි කියා ගන්නා සාමාජිකයින් විසින් භාවිතා කරනු දක්නට ලැබේ. අද ඔවුන් මෙය පනික්කි ඇඳුමක් ලෙස භාවිතා කරනවා විය යුතු ය. කෙසේ වෙතත් මසා නිම කළ යට ඇඳුම් අංගම් ශාස්ත්‍රය තුළ භාවිතා නොවන බව කරුණාපාල නොදන්නවා විය යුතු ය. මහා උජාරුවකින් ඇඳ සිටියද අහසට පැන ගසන පය පහරක් ගැසුවහොත් දෙකට පැලී සටන් කරුවාගේ විලිසංගය පෙනෙනවා ඇත. කෙසේවුවත් මොවුන්ට නම් එය ගැටලුවක් නොවේ. මන්ද අඩි 2 - 3කට වඩා උඩ පැන කරන සටන් ඉරියව් ඔවුන් සතුව නොමැති නිසාවෙනි.


5. ශිෂ්‍යයින් සඳහා සෑදූ ඉන්දියානු උරුවක් සහිත ඇඳුම

සුප්‍රසිද්ධ ඉන්දියානු චිත්‍රපටයක් වන ක්‍රිෂ් නැමැති චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන රිතික් රොෂාන්ගේ ඇඳුම බලා සකස් කර ගන්නා ලද නවක සිසුවන්ගේ නිල ඇඳුම.

මෙහි දකුණු පස ඇත්තේ එම චිත්‍රපටයේ සින්දුවකි. එහි නළුවාගේ ඇඳුම හා කරුණාපාලගේ මෙම නිල ඇඳුම සසඳා බලන්න.

කරුණාපාලගේ චීනඩි වලට ඉන්දියානු උරුවක් ඇති බව පසක් කිරීමට දෝ කරුණාපාල මෙය සකස් කළද මෙහි ඇති හැඩය හා පාට ලංකාවේ සංස්කෘතිකාංගවලට කිසිසේත්ම සමානකමක් නොදක්වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ වෙතත් මෑත කාලය වන තෙක්ම කරුණාපාල තම නවකයින්ට ඇන්ඳුවේ මෙම සරුවාලයයි. රිතික් රොෂාන්ගේ කරේ ඇති සාටකය ඉවත් කලා නම් කරුණාපාලගේ ගෝලයෙකු ලෙස පෙනීම වැලැක්විය නොහැකි ය. ලංකාවේ අංගම් ශාස්ත්‍රය සතු ඉරියව් හා ඇඳුම් පිටපත් කිරීම පටන් ගන්නට පෙර කරුණාපාල ඉන්දියාව පිටපත් කොට පෙර පුහුණුවක් ලබා ඇති බව පෙනී යයි.


6.  ක්‍රමයෙන් උඩුකය නිරුවත් වන ජ්‍යේෂ්ඨයින්ගේ සටන් නිල ඇඳුම
කරුණාපාලගේ ඇඳුම් විකාශනයේ නවතම පිටුවක් පෙරලීම මෙසේ ආරම්භ විය. පැරණි සටන් කැටයම් හා පැරණි සටන් චිත්‍ර අධ්‍යයනය කොට බලන කරුණාපාලට සත්‍ය වැටහුණ අවස්ථාව මෙයයි.

හරකා පොල් පැලයට හැරෙන්නට පටන් ගන්නේ මෙතනදී ය. උඩුකය හැට්ටය ගලවන කරුණාපාල හෙළ සටන් කරුවන්ගේ පෙනුම ලබා ගැනීමට ගත් පළමු අසාර්ථක උත්සාහය මෙයයි. කෙසේ වෙතත් කරුණාපාලගේ හරි අපූරු ආයුධය වන වේලායුධය භාවිතා කරන විට දී නම් මෙකල පවා උඩ හැට්ටය ඇඳ ගැනීමට ඔහු අමතක නොකළේ තමන්ගේ ඇඟ නොකැපෙන පරිදි සටන් කිරීමට බැරි නිසා ය.


7.  ශිෂ්‍යයන් සඳහා සැකසූ ඉන්දියානු උරුවක් සහිත නිල ඇඳුමේද උඩුකය නිරුවත් වී...
ඉහත අංක 5 දී දක්වන ලද ඉන්දියානු චිත්‍රපටයක් බලා සකස් කරන ලද ශිෂ්‍යයින්ගේ නිල ඇඳුමේද උඩුකය නිරුවත් වීමට පටන් ගනී. මේතාක් ඇඳි උඩුකය හැට්ටය නැවතත් රිතික් රොෂාන්ටම දුන්නා විය යුතු ය.

මේ කරුණාපාලයේ ශිෂ්‍ය ඇඳුමේ සාම්පදායික විකාශනය ආරම්භයයි. උඩු කය නිරුවත් වූ පසු චීනඩි අංගම්පොර වනවා යයි කරුණාපාල සිතා සිටියාට සැක නැත. කෙසේ වෙතත් විකාශනයේ නිමාව මෙය නම් නොවේ.


8. මූසිල සුදු කොටියාට අමතක වූ කරුණාපාලගේ ගුරුහරුකම්
සාමාන්‍ය ලෙස ගත් කළ ගෝලයාට ඉගැන්වීමට පනික්කි පට්ටමක් දුන් විට ගෝලයා අනුගමනය කළ යුත්තේ ගුරුවරයා භාවිතා කරන සටන් ඇඳුම් ය. එය ඕනෑම සටන් ක්‍රමයකට පොදු ය. නමුත් කරුණාපාලට නොතේරුණ දේශීය සටන් ශිල්පීන්ගේ උරුව මේ පර සුද්දාට හැඟී ගොස් ඇතිවා සේ ය.

ජාත්‍යාන්තර අංගම්පොර පන්ති පවත්වන මේ චෞරයාද තමන්ගේ ගුරා නිවැරදි ශිල්පියෙකු නොවන බවත් තමන් උගත්තේ අංගම්පොර නමින් වෙනත් සටන් ක්‍රමයක් බවත් පසක් කරගෙන සිටිනවා විය යුතු ය. කෙසේ වෙතත් මුන්ට අපේ කම විකුණාගෙන කෑමේ හැඟීමක් මිස අපේ කම ගැන හැඟීමක් නොමැති නිසාවෙන්ම තමන්ගේ චෞර ගුරාටද හොරෙන් වේට්ටියක් වැනි යමකට බැස ඇතිවා පෙනේ.


9. අංගම්පොර යන නම ඇඳුම්වල මුද්‍රණය කොට විකිණීමේ ව්‍යාපාරය
කරුණාපාල විසින් අංගම් ශාස්ත්‍රය තුළ ඇති සමාජ ගෞරවය භාවිතා කරමින් එම උත්තරීතර ශාස්ත්‍රයේ වටිනාකම් විකුණන බවට ඇති ප්‍රධානතම සාධකය වන්නේ මෙයයි. අංගම් ශාස්ත්‍රයේ නමින් සංකේත නිර්මාණය කරගෙන ටී සර්ට් හා සර්ට් මසා ඒවාට එම සංකේත මුද්‍රණය කොට විකිණීම කාට නම් අනුමත කළ හැකි ද?

අංගම් ශාස්ත්‍රය නොදන්නා උන්ට අංගම් ශාස්ත්‍රය ගැන කිසිඳු ගෞරවයක් නොමැති බව මෙයින් මනාවට පසක් වන අතර මෙවන් උන් උලතැබීමට රාජ්‍ය නීතිය හා රාජ්‍ය බලය හෙළයන්ට නොමැති වීම මේ කලියුගයේ අප කර ඇති පාපකර්මයයි.


10.  කරුණාපාල අවසාන වශයෙන් පිටපත් කරන ලද සාම්ප්‍රදායික සටන් ශිල්පීන්ගේ ඇඳුම්වලට සමීපයෙන් යන ඇඳුම් ආයිත්තම්.

අවසාන වශයෙන් කරුණාපාල විසින් අප සාම්ප්‍රදායික ඇඳුමට ළඟා වී ඇති බව පෙනේ. ඔවුන්ට මෙය සතුටට කාරණයක් විය හැකි වුව ද මේ රටේ මෙවන්වූ සාම්ප්‍රදායික ශාස්ත්‍රයන්ට ආදරය කරන බොහෝ අයට මේවා දරා ගත හැකි දැයි යන්න නම් සැක සහිත ය. අංගම් යනු කාට හෝ කුමක් හෝ කර භාවිතා කළ හැකි වෙළඳ නාමයක් බවට පත්වී ඇති බව ඉහත සියලුම තොරතුරු හොඳින් අධ්‍යයනය කරන බුද්ධිමතෙකුට අවබෝධ කොට ගත හැකි වනු ඇත. අවසාන වශයෙන් ඉහත දක්වා ඇති පින්තූරයේ රතු පැහැති රවුම් කොට දක්වා ඇති ඇඳුම් ආයිත්තම් පූර්ණ වශයෙන්ම කරුණාපාල පිටපත් කරන ලද ඒවා බව පැහැදිලි වෙයි. මන්ද මින් පෙර පිරිමි හෝ කාන්තාවන්ට මෙවන් ඇඳුම් ආයිත්තම් අන්දවා නොතිබූ අතර ගැහැණු අයට නැටුම්වලට අඳින කච්චියකට සමීපව යන ඇඳුමක් අන්දවා සාම්ප්‍රදායික හැට්ටයක්ද අන්දවා ඇත. නමුත් මෙහි දකුණු පසින් දක්වා ඇති කාන්තාවන්ගේ වීඩියෝවේ නම් ඇත්තේ මෙම අද භාවිතා කරන ඇඳුම්වලට ළඟින්වත් තැබැයි නොහැකි ඇඳුමකි. මේ මොහොත වන විට අන්තර්ජාලයේ යොදා ඇති ඉහත පින්තූර කිහිපයට අමතර ඇති කරුණාපාලගේ පැරණි සියලුම සටන් වීඩියෝවල හා පින්තූරවල මෙම ඇඳුම් ආයිත්තම්වලට සමීපයෙන්වත් තැබිය හැකි ඒවා නැත.

මේවාට කියන්නේ ‘රජ වුණත් බල්ලා කයි සෙරෙප්පු අල්ලා‘ කියා ය. කරුණාපාලලා සිතා සිටින්නේ අංගම්පොර ඇඳුමක් ඇඳගත් පසු චීනඩි අංගම්පොර වනවා කියා විය යුතු ය. කරුණාපාලගේ චීනඩි කෙදිනකවත් අංගම්පොර වන්නේ නැත. අංගම්පොර ඇඳුමක් ඇන්දද චීනඩි චීනඩිම ය. කොපමණ උත්සාහ කළත් ඔවුන්ට සිංහල උරුව පැමිණ නැති බව ඉහත පින්තූරයේ සිටින අලුගෝසුවන්ගේ පෞර්ෂය දෙස බැලූ විට වඩා හොඳින් අවබෝධ වේ.


පිටපත් කිරීම වූ කලී පුදුම වැඩකි. ලේසිය. පහසුය. මොලේ වෙහෙසවමින් කාලය නාස්ති කරන්නට වුවමනා නැත. පරම්පරාවක්, සම්ප්‍රදායක් හෝ උරුමයක් තිබෙන්නට අවශ්‍ය නැත. ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකි තරමටම ක්ෂණිකය. අපි පිටපත් කිරීම පටන් ගන්නේ ඉස්කෝලේ යන කාලයේදීමය. අනෙකා මොළය වෙහෙසා අමාරුවෙන් ලබාගන්නා උත්තරය අපි සැණෙකින් පිටපත් කර ගැනීමට හුරු වන්නෙමු. මෙය මේ සමාජයේ අස්සක් මුල්ලක් නෑර ගමන් කොට ඇත්තේ කොතරම් ද යත්  භාරතයේ මහා සංගීතඥයින්, සප්තස්වරයේ කිමීදී නිර්මාණය කරන්නාවූ මනමෝහනීය නාද රටා වලට අපි නින්දිත ලෙස සිංහල වචන ඔබන්නෙමු. මේවායින් මුසපත් වන, අගක් මුලක් නොදන්නා රසිකයා නිර්මාණකරුට දේවත්වයෙන් සළකන්ට පටන් ගනියි. මහජනයා  ‘මෝඩයා’ කිරීම ඉතාමත් පහසු කටයුත්තක් වී ඇත්තේ සමාජය, සමාජය ගැනම ඇති අනවබෝධය නිසාවෙනි.

අද කරුණාපාල කර ඇත්තේ ද මහජනයා මෝඩයා කොට තමන්ගේ පිටපත් කිරීමේ කලාව උපරිමයෙන් යොදාගෙන දේශීය සංස්කෘතිකාංගයක නම විකුණමින් තමන්ගේ බඩ වඩා ගැනීමයි. මේවාට මේ රටේ මැති ඇමතිවරු යයි කියා ගන්නා මීහරක්ද උදව් කිරීම දේශයේ අවසානවා විනා අනෙකක් නොවේ. අවසාන වශයෙන් කිව යුත්තේ උඹලා තව තව පිටපත් කරපල්ලා. අපි බොහෝම සීරුවෙන් ඒවා දිහා බලාගෙන ඉන්නේ. සමාජයට උඹලා හංගන්න උත්සාහ කරන උඹලාගේ චීනඩි ඉතිහාසය සම්බන්ධ තවතවත් තොරතුරු ඉදිරියටත් අපි ඉදිරිපත් කරමු. දැන් දැන් කරුණාපාලලා යන්නේ හොම්බෙන්ය. අපි සියල්ල හෙළි කළ දාට උඹලාට යන්නට හොම්බක් වත් ඉතිරිවේදැයි යන්න සැක සහිත ය. කෙසේ වෙතත් මොනවා පිටපත් කළත් උඹලා නොදන්නා එක දෙයක් ඇත. ඒ අංගම් ශාස්ත්‍රයයි.

කරුණාපාල චීනඩිවලින් අංගම්පොරවලට මාරු වීම

අංගම්පොර යනුවෙන් ලංකාවේ සටන් ශාස්ත්‍රයක් පවතින බවට මෑත කාලීනව ජනතාවට අමතක වී තිබුණේ අවුරුදු සියගණනක් අපේ සංස්කෘතියට යටත් විජිත පාලනය විසින් එල්ලකළ සූක්ෂම පහර නිසාවෙනි. මේ පිළිබඳව නැවතත් දැනුවත් වූයේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දඬුමස්නාමානය නැමැති අංගම්පොර පිළිබඳව කියැවෙන (නමුත් අංගම්පොර භාවිතා නොවන) ටෙලි නාට්‍යයත් සමඟයි. මේ සමඟම අංගම්පොර සටන් ශාස්ත්‍රය පිළිබඳව ජනතාවගේ අවධානය වැඩි වන අතර අංගම්පොර නැමති මේ ප්‍රභල ශාස්ත්‍රය ඉගෙන ගැනීමට ලංකාවේ තරුණ තරුණියන් දැඩි උනන්දුවක් දක්වන්නට විය.

මේ අවස්ථාවේ දී අංගම්පොර යනුවෙන් මෙතෙක් කල් කරගෙන ආ සටන් ක්‍රමය චීනඩි ශාස්ත්‍රයම බව කියමින් මේ හිදැස පුරවන්නට තවත් පිරිසක් ඉදිරිපත් විය. ඒ අන් කවුරුන්වත් නොව එතෙක් චීනඩි කලාවප්‍රසිද්ධියේ  කරමින් සිටි පරිසක් වන තුසිත ආත්මාරක්ෂක සංගමය, වහාම එම ශාස්ත්‍රය අංගම්පොර යනුවෙන් හඳුන්වා දෙන ලදී.

පරසුද්දන්ට අංගම්පොර නමින් චීනඩි ඉගැන්වීම

අංගම් ශාස්ත්‍රය යනු සිංහල බෞද්ධයන්ට පමණක් එයිනුත් යක්ෂ ගෝත්‍රිකයන් මූලික කොටගත් සැබෑ හෙලයන්ට පමණක් මීට වසර 30000කට එපිට ඉතිහාසයේ සිට ප්‍රගුණ කරවන්නක් වන අතර කිසිඳු අවස්ථාවක අපේ සාම්ප්‍රදායික සතුරන්ට මෙය ඉගැන්වූ බවක් සඳහන් නොවේ. එසේ නොකිරීමට කතරගම මහසෙන්, රාවණා, රාසින් දෙවියන් වැනි දේවතාවන් ඉදිරියේ මෙන්ම තම ගුරුවරයා හා ගුරු පරම්පරාව ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව පමණක් අංගම්පොර ශාස්ත්‍රය ප්‍රගුණ කළ යුතු ය.

එවන් පෞඩ ශාස්ත්‍රයක නම භාවිතා කරමින් තමන් දන්නා චීනඩි ශාස්ත්‍රය පරසුද්දන්ට උගන්වමින් ඔහුට "සුදු කොටියා" නමින් අන්වර්ත නාමයක්ද යොදා ගෙන කටයුතු කරන මෙම කරුණාපාල නැමැති පදු කුලයේ උපන් කුලහීනයා තම දීනත්වය ප්‍රදර්ශයන කරයි. ජාත්‍යන්තර අංගම්පොර සම්මේලනයක් ද පවත්වන මොහු මේ පර සුද්දන්ට උගන්වන්නේ අංගම්පොර නොවන නමුත් අඳ බාල ශාස්ත්‍රයක් අංගම්පොර වැනි උත්තරීතර නමකින් ලොවට ගෙනයාම පිළිකුල් සහගතය.

1818 දී මෙවන් පර සුද්දන් විසින් තහනමට ලක්කොට, හෙල අංගක්කරුවන් අමු අමුවේ ඝාතනය කොට, අංගම්මඩු ගිණිතබා මෙම ශාස්ත්‍රයට කළ හදිය නොදන්නා මෙම කරුණාපාල නැමැති අංගම් චෞරයා අද මේ කරන්නේ එවන් පාදඩ ඉතිහාසයක් ඇති යුරෝපීයන්ට සපත්තු ලෙව කෑම නොවේද?. ඔහු සුද්දන්ගේ පශ්චාත්භාගය ලෙව කෑවද හෙළ අංගක්කරුවන්ට කම් නැත. මන්ද ඔහුගේ ජන්ම ගතිය අපට වෙනස් කළ නොහැකි බැවිනි. එනමුත් අංගම්පොර නම් උත්තරීතර නාමය භාවිතා කරමින් ‍මෙය සිදු කිරීම පිළිකුල් සහගත ය.


ගිනිඅලුගේ කරුණාපාල විසින් වේලායුධය නම් අපූරු ආයුධයක් පිළිබඳව සඳහන් කරයි. මෙම වේලායුධය තනි පටිය, පටි තුන හා පටි හය ලෙස පවතින බවත් පවසයි. ‍ඒ වගේම මෙයට වේලායුධය යයි කියන්නේ 'ඇඟ වටා වෙලෙන නිසා බවත්' බවසයි. ‍මහා උත්සවාකාරයෙන් හැට්ටය හැඳ ගන්නා කරුණාපාල තම ඉන්දියාවෙන් හොරකම් කර ගත් ජෝතිය වැනි යට ඇඳුමින්ද සැරසී ද්‍රවිඩ මල බෙරය තම ගෝලයන් ගසද්දී රඟ දක්වයි. ලංකාවේ හා දකුණු ආසියාවේ ඉතිහාසය හා ප්‍රභන්ද කතා දන්නා මහ වියත්හු ද මේ දෙස බලාගෙන අන්න වේලායුධය යයි පැවසීම ඉතිහාසය කන්නද කියා ඇසූ අධ්‍යාපන ඇමතිවරු හිටි රටක අරුමයක් නොවේ යයි සිතේ. මේ අපූරු ආයුධය ගැන ඔවුන්ගේ වචනවලින්ම...

වැඩිදුර කියවන්න



2008-01-20 වන දින "ඉරුදින" පුවත් පතේ මෙවැන්නක් සඳහන් වෙයි. "අංගම්පොර යනු කිසි විටෙකත් ප්‍රතිවාදීන්ට අභියෝග නොකරන සටන් කළාවක් වන බවත්, එහෙත් අද ඇතැමුන් අංගම්පොර නාමය පාවිච්චි කොට විවිධ අභියෝග කිරීමට පෙළඹී සිටිනුයේ එහි මූලික හරයවත් නොදැන බවද කරුණාපාල මහතා පැවසුවේය." නමුත් ඉන්නෙට් එකෙන් මොවුන් කියන්නේ මෙයට හාත්පසින් වෙනස් හරි අපූරු කතාවකි. ඔවුන්ට අභියෝග කිරීමට නොහැකි "යම්කිසි බියගුළු පිරිසක් " විසින් මෙම අංගම්හොරු බ්ලොග් කරණය සිදු කරන බවයි. 

එයින් නොනැවතෙන ගිනිඅලුගේ පුත් කියනුයේ "they don't accept my father's challeng or my challenge" යනුවෙනි. තවදුරටත් තම මුග්ධ බව ප්‍රදර්ශනය කරන ඔවුන් ඉහත ප්‍රකාශ කරනුයේ "ඌරාවලිය සටන කියන්නේ අභියෝග කරලා ගහ ගන්න එකක් නෙවෙයි. එහිදී වෙන්නේ දක්ෂ ගෝලයාට ගරුවරයා අවස්ථාවක් ලබා දීමයි" යනුවෙනි. මෙය උරාවලිය නොව "ඌරා වලේ හටන" විය යුතුය. වලිය යනු මෑතකාලීන පාරිභාෂිත වචනයකි. මූලික හරය නොදන්නේ කවුරුන්දැයි එයින්ම පැහැදිලි වේ.

ඉහත පත්තර පිටුව ගැන තව දේ කතා කිරීමට තිබුණද අපි ඉතිහාසය මතක් කර ගෙන ඉදිරි‍යට ගියොත් හොඳයි. මරුවල්ලියේ කුමාරිහාමී නමින් සතර කෝරලයේ සුප්‍රසිද්ධ සටන් කාරිය ගැන ඉතිහාසය ගැන දන්නා බොහෝ අය අසා ඇතිවාට සැක නැහැ. ‍මොකද සුප්‍රසිද්ධ නාට්‍යයක් වූ අකාල සන්‍ධා නාට්‍යයේ ඌරාවල ගැන හා අංගම් සටන් අභියෝග ගැන සඳහන් වෙන නිසා අංගම්පොර අභියෝග යනු වත්මන් ශ්‍රී ලාංකිකයින්ට අරුමයක් නොවනු ඇත.