
"..චීන අඩි සමඟ දුර්වල ගනයේ සටන් ක්‍රමයක් වන පොලු සටන්ද මෙම පාඨමාලාවට අයත්වේ..."
තුසිත ආත්මාරක්ෂක සංගමය මගින් බොරැල්ල මාධව මුද්රණආයතන මගින් මුද්‍රණය කරන ලද කරුණාපාලගේ චීනඩි අත් පත්‍රිකාවෙන් උපුටා ගන්නා ලද කොටසකි.
Famous Guru Karunapala is not a true Angampora Guru and he was a student of few famous Cheenadi Teachers from Colombo and this is a reveal of the truth about his fake Angampora Martial Art
මගඩි නැටුම
සැබෑ ශිල්පීන් විසින් මේ අපතයින් නිසා විඳින වේදනාව කොතෙකුත්ද හා ඔවුන්ගේ හැඟීන් දැනීම් කෙසේද යන්න තේරුම් ගැනීම පූරවෝක්ත ලිපියේ ඇති කරුණුම ප්‍රමාණවත් වේ යයි සිතේ. අංගම්හොරු බ්ලොග් සමූහයෙන් තමාට මඩ ගසනවා යයි කරුණාපාල රට වටේ ගොස් ප්‍රකාශ කරතත් කරුණාපාලට විරුද්ධව සැබෑ ශිල්පීන් නැගී සිටියේ අද පමණක් නොවේ. මේ එයට එක් උදාහරණයක් පමණි.
නමුත් බොහෝ අය කලකිරීමෙන් ඉවත් වූවා මිස කරුණාපාලලාට දැනෙන යමක් කිරීමට නොහැකි විය. ඉහත ලිපිය ලියූ ශිල්පියාට අපගේ ගෞරවය හා භක්ත්‍යාදරය හිමි වන අතර මෙවැනි අභීත පුද්ගලයින් මේ රටේ තවදුරටත් සිටීම ගැන කෘතඥ වෙමු. මෙවන් ලිපියක් පලකිරීමට එකඟ වීම පිළිබඳව දිවයින පුවත් පතටද ස්තූති වන්ත විය යුතු ය.
ඕනෑම අයෙකුට සමාජය ඉදිරියේ බොරු කළ හැකි ප්‍රමාණයක් ඇත. එය ඉක්මවා ගිය පසු සියල්ල හෙලිවී තමා සිටි කබලින් ලිපට වැටෙන බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු ය. අද කරුණාපාල නම් මේ රටේ ඉතිහාසය, සදාචාරය, සංස්කෘතිය හා කලා ශිල්ප විකෘති කරමින් සිරි කොතලාවල වැනි ඔලුව නරක් වූ උගත් මෝඩයින් සමඟ එකතු වී මේ අති උතුම් ශාස්ත්‍රය කෙලෙසූ චෞරයාට සිදු වී ඇත්තේ එවැනි දිට්ඨධම්මවේදනීය කර්මයකි. මේ නිසාවෙන්ම කරාතේ, කුන්ග් ෆූ වැනි සටන් ශිල්පීන්ද අද අංගම්පොර නම් ලොව දියුණුම සටන් ක්‍රමයට සම වීමට උත්සාහ කරනු පෙනේ. මෙයට හේතුවක් ඔවුන්ගේ වැරැද්දක් නොව, කරුණාපාලලා සමාජය ඉදිරියේ දැක්වූ සටන් තාක්ෂණයෙන් හීන මෙවැනි මගඩි නැටුම් නිසා ය.
කෙසේ වෙතත් දැන් කරන්නට දෙයක් නැත. ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලුණ ද පිදුරු ගහෙන් දිවි බේරා ගත නොහැකි බව කරුණාපාල දැන ගත යුතු ය. අන්තිමට කිව යුත්තේ කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියා ය.
Subscribe to:
Posts (Atom)
1 comment:
නියමයි----
Post a Comment