අපූරු ගැටබෙරය


ලංකාවේ ඕනෑම සාම්ප්‍රදායික කලා ශිල්පයක් සමඟ හෙළ සංගීතය හරි අපූරුවට බද්ධ වී ඇත. හෙළ සංගීතයේදී ආතත, විතත, විතතතාතත, ඝන, සුසිර යන පංචතූර්ය වාදනය මුල්වේ. එහිදී ලංකාවට ආවේණික වූ බෙර රාශියක් ඇත. එයින් කිහිපයක් ලෙස අවුරුදු 38000ක් වැනි ඉතිහාසයකට උරුමකම් කියන දවුල, පහත රට නර්තනයේදී භාවිතා වන යක් බෙරය හෝ පහතරට බෙරය, එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් වාදනය කරන ඉතා කුඩා බෙරයක් වන උඩැක්කිය, උඩරට නැටුම්වලදී බෙහෙවින් භාවිතා කෙරෙන කොන් දෙකට වඩා මැද මහත බෙරය ගැටබෙරය නොහොත් උඩරට බෙරය ආදිය විශේෂ තැනක් ගනී. ‍

මේ අතර සංගීතය සමඟ මිශ්‍ර වූ සටන් කලාවන් ලොව ඇත්තේ ඉතාමන් සුළු ප්‍රමාණයකි. එයිනුත් අංගම්පොර කලාවේ ඉතිහාසය ගෙන බලන විට මහා සම්මත මනු රජු පත් කර ගැනීමට දවුලෙන් බෙර ගසමින් "සාදික් අංගං සොන්දෙත්තා..." ආදී වශයෙන් යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් යැවූ අණබෙරයෙන් ආරම්භ වී මේතාක්ම භාවිතා වූ සාම්ප්‍රධායික බෙර සම්ප්‍රදායක් ඇත. එය අදටද අංගම් ශාස්ත්‍රයේදී භාවිතා ‍වන රණ බෙර වාදනය වැනි ශාස්ත්‍රීය අංග තුළ දක්නට ඇත. එසේම අංගම් ශාස්ත්‍රය ආශ්‍රිත සියලුම උත්සව හා පූජාවන් වල දී ඉහත සඳහන් කරන ලද දේශීය බෙර වාදනයන් ඇතුළත් වේ.

මා මේවා කියාගෙන අඩුක්කු සකස් කරන්නේ මොන වර්ගයේ තොවිලයකටදැයි තේරුම් ගැනීමට 2005 මැයි මස GO නම් සඟරාව බැලූ යම් පාඨකයෙකුට නම් මේ වන විටත් හැකියාව ලැබී හමාර විය යුතු ය. මන්ද එම සඟරාවේ විශේෂාංග ලිපිය ලෙස පලවූ "අංගම්පොර" නම් ලිපියේ සඳහන් හරි අපූරු බෙරයක් ගැන කි‍යවෙන කොටස කොතරම් උපහාසාත්මකද කිවහොත් එය "ඉල කැඩෙන්න හිනා යන කතාවක්" ලෙස හඳුන්වා දිය හැකි ය.  ‍මන්ද මෙයත් හරි අපූරු සමාසයක් වන ඇඟ වටා වෙලෙන නිසා වේලායුධය කීමට දෙවැනි නොවන නිසාවෙනි.

මෙම සඟරාවේ මෙවන් සඳහනක් ඇත. "අංගම් සටනේ රණ බෙරය වන්නේ ගැට බෙරයයි. මෙය ගැට යොදා සකස් කරන නිසා ගැටබෙරය නමින් හඳුන්වයි. ලංකාවේ දුරලබ බෙර වාදනයක් වන මෙහි වර්තමානයේ ප්‍රවීණයා වන්නේ රත්මලානේ ඇක්මන් නම් වාදක ශිල්පියායි."

අපි මේ අපූරු ගැටබෙර කථාව විශ්ලේෂණයට ලක් කොට බලමු. අංගම් සටනේ රණබෙරය වන්නේ ගැටබෙරයයි යන්න තරමක් නිවැරදි වුවද ගැටබෙරය පමණක් නොව දේශීය බෙර වර්ග කිහිපයක් රණ බෙර වාදනයේ දී භාවිතා වේ. එය කෙසේ වූවත් ගැට යොදා සකස් කරන නිසා ගැටබෙරය යන්න උපහාසාත්මක ය. ලංකාවේ නර්තනය හා සංගිතය උගත් ඕනෑම ශිල්පියෙකුගෙන් මෙය නිවැරදි කර ගත හැකි ය. අනෙක් කරුණ වන්නේ ඇස් දෙකම එකම ප්‍රමාණයෙන් පිහිටමින් බෙරේ මුල මැද හා අග එක සමානව තිබෙන බෙර වර්ග ලංකාවේ ‍ඇත්තේ ප්‍රධාන වශයෙන් දෙකකි. ඒ දවුල හා යක්බෙරයයි. ගැට බෙරය යනු කුමක්දැයි අන්තර්ජාලයේ ඇති Sinhala Explanatory Dictionary හි සඳහන් වන්නේ මෙසේ ය. "උඩරට නැටුම්වලදී බෙහෙවින් භාවිතා කෙරෙන, කොන් දෙකට වඩා මැද මහත බෙරය [යොමුව]" යනුවෙනි. නමුත් කරුණාපාලගේ දුර්ලභ බෙර වාදනයට භාවිතා වන්නේ මැද හා දෙපස සමාන මහතකින් යුත් බෙරයකි. ‍

සැබෑ ගැටබෙරය

උඩරට ප්‍රදේශයේ චිරාත් කාලයක් ප්‍රචලිත ව තිබීම නිසා වර්තමානයේ උඩරට බෙරය නමින් හැඳින්වෙන ගැටබෙරය නම් වූ ලොව මවිත කළ දෙඅතින් තැලීමෙන් හමින් ශබ්ද උපදවන ශ්‍රී ලාංකික සිංහල අපට ම උරුම වී තිබෙන මේ අවනධ්‍ය භාණ්ඩය කවදා කෙසේ ප්‍රභවය වූවක් වුවද ලංකාවටම ආවේණික වූ බෙරයක් බව පැහැදිලි වන්නේ එය විදේශයකින් ආදේශ වූයේ නම් ලොව වෙනත් කොතනකදී හෝ අනුරුවක් හෝ ඉතිරි ව නොතිබීමයි. මේ පිළිබඳ ලියැවුණු ලිපියක් මෙතනින් බලන්න. ඉතිහාසයේදී මෙන්ම අද ද උඩරට නැටුම සඳහා ගැටබෙරය මහත් සේවයක්‌ කරයි. ධාතු වංශයේ මෙය "දෙණ්‌ඩිම" හා සමාන යෑයි කීව ද අද භාවිත වන ගැටබෙරය ඊට වෙනස්‌ ය. ථූපවංශය, දඹදෙණි අස්‌න, සද්ධර්මාලංකාරය ආදී ග්‍රන්ථ කීපයක සඳහන් වන බෙර සංඛ්‍යාව අති විශාලය. සිංහල යුද්ධ හමුදාවේ ගැටබෙරය ද ඇතුළත් වන මෙම බෙර සියල්ලම වාදනය කළ බව ඉහත කී ග්‍රන්ථ සාක්‌කි දරයි. අදද හෙළ සටන් කලාව වන අංගම්පොර සටන් කලාව තුළ මෙම ගැට බෙරය භාවිතා වන බව කොරතොට අංගම්පොර සම්ප්‍රදායේ ශිල්පීන් දක්වයි. ලංකාවේ ඉතිහාස ග්‍රන්ථවල පවා සඳහන් වන මෙම බෙරය ලංකාවට ආවේණික වූ සුවිශේෂි වූ බෙරයකි.

වැඩි විස්තර අවශ්‍ය නැත. සැබෑ ගැටබෙරය ලංකාවේ පාසල් පෙළ පොත් වල උගන්වති. සංගීතය විෂය 9 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය නම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද පොතේ ගැටබෙරය ගැන දීර්ඝ විස්තරයක් ඇත. අප එය මෙහි පහතින් දක්වමු.



අපූරු ගැටබෙරය නොහොත් දෙමළ බෙරය



සැබෑ ගැට බෙරය කුමක්ද යන්න තේරුම් ගැනීමට ඉහත කරුණු ප්‍රමාණවත් යයි හැ‍‍ඟේ. එසේ නම් හරි අපූරු ගැටබෙරයක් ලංකා‍වට හඳුන්වා දෙන කරුණාපාල මේ කියන්නේ කුමන ගැටබෙරයක්ද යන්න සොයා බැලීම වටී. මෙහි දක්වා ඇති පිංතූරයේ ඇති බෙර ගැන අවධානය යොමු කර බලන්න. බිම හෝ ඉනේ ඇල අතට බැඳගෙන එකැස්සකට පමණක් ගසමින් වාදනය කරන මෙම බෙරය දෙමළ මෝලම නොහොත් දෙමළ බෙරය ලෙස හඳුනා ගැනේ. මලයාලම් සටන් ක්‍රම වලට හා සංගීතයට ආවේණික වන්නක් වන මෙය ද්‍රවිඩ චිත්‍රපටවල පවා දක්නට ඇත. දකුණු ඉන්දීය සංගීතය දන්නා ඕනෑම අයෙකු ඉතාමත් හොඳින් දන්නා මෝලම යනු ඔවුන්ගේ ප්‍රධාන බෙරයක් ලෙස සැලකෙන බව පෙනේ. ඉතා අපූරුවට හරහට තබා ගනිමින් කරුණාපාලද වයන්නේ මෙම දෙමළ මෝලමම බව ඔහුගේ වීඩියෝ බලන ඕනෑම අයෙකුට පැහැදිලි වේ. දුර්ලබ බෙරයක් ලෙස කීවද ලංකාවේ මෙය දුර්ලභ වුව ද දකුණු ඉන්දියාවේ නම් සාමාන්‍ය දෙයකි. 

ජෙල්ල ජෙල්ලම් ජෙලම්පට්ටම්

සාමාන්‍යයෙන් කුමන දේශීය බෙරයක වුවද වයන බෙර පද විශේෂයක් ඇත. ඒවා ගැටබෙරයේදී නම් "තක් දොං තකු කිට තක දොං තකු කිට, තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං, තකු ජිං ජිං තත් ජිං තක ජිං කුඳ" වැනි බෙර පද ය. නමුත් කරුණාපාල ගයන්නේ "ජෙල්ල ජෙල්ලම් ජෙලම්පට්ටම්" නම් වන දෙමළ බෙර පදයකි.  ලංකාවේ වේල් ‍පෙරහැරවල්වල හා කෝවිල් උත්සව වල මෙම බෙර පදය වයමින් දෙමළ බෙරය වයනු කෝවිල් ගැන අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට අවබෝධ වනු ඇත. වයන නද අසන විට ඒ ගයන්නේ කුමන රටේ බෙර පදයක් දැයි හඳුනාගැනීමට සංගීතය මනාව අධ්‍යයනය කරන ලද අයෙකුට හැකියාව ඇති නිසා ඒ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් අනවශ්‍ය ය යන්න අපේ මතයයි.

මෝලම් වාදනය


කරුණාපාල මේ කියන මෝලම පිළිබඳව විශේෂ අධ්‍යනයක් කළ අපට දකුණු ඉන්දියාවේ මලයාලම් භාෂාවෙන් කවරය මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කොට සංගෘහිත තැටයක් හමුවිය. මෙම සීඩී තැට්ය දකුණු ඉන්දීය මලයාලම් බෙර ගැන කියැවෙන සංදර්ශනාත්මකව බෙර වාදනය ඇතුළත් තැටියකි. එහි  ඇති බෙරය හා කරුණාපාල ඉහත ලිපියේ දක්වා ඇති බෙරය අතර ඇති සමානකම් බලන්න කරුණාපාලගේ ගැටබෙරය ලංකා‍වට විත් ඉල්ලාගෙන ගිය දකුණු ඉන්දියානු මලයාලම් බෙර වාදකයින් කරුණාපාලගේ ජෙල ජෙල ජෙලම්පට්ටම් වලට වඩා අපූරු බෙර පද වාදනය කරනු පෙනේ. 


සංගීතය, සාහිත්‍ය හා නර්තනය වැනි දේශීය කලාවන් උගත් ලක්ෂ ගණනක් උගතුන් සිටින මෙවන් සමාජයක කරුණාපාල මේ කියන මුග්ධ කතා සමාජය පිළිගන්නවා යයි ගිනිඅලුලා විශ්වාස කරනවා ඇත. කුණුහරුප කියාගෙන අපගේ ඇඟිලි කපා තවත් මොකක්දෝ කුණුහරුපයක් කොට අපේ ෆොටෝ ගසන බවට අපට තර්ජනය කරමින් විවිධ ස්වරූපයෙන් පැමිණ අපට  කියන කරුණාපාලගේ නොහික්මුණු ගෝලයින්ගේ බුද්ධි මට්ටම කොපමණ දැයි තේරුම් ගැනීමට අපට හැකියාවක් දැන් ඇත. මන්ද බුද්ධිමතෙක් කරුණාපාල වැනි මුග්ධයෙකු ළඟට ගොස් මාසයකට වඩා සිටියහොත් ‍ඔහු සල්ලිවලට ආචාර්ය උපාධි ගත් අයෙකු වැන්නෙක් විය යුතු ය. මන්ද නර්තනය, සංගීතය හා සාහිත්‍ය වැනි විෂයන්හිදී ලංකාවේ බෙර විශේෂයන් ගැන උගන්වන්නේ සාමාන්‍ය පෙළත් නොකළ නොදරු අවධියේදීම ය. අංගම්පොර සම්මේලනයක් පිහිටුවා ගනිමින් ලංකාවේ උගතුන් යයි කියා ගන්නා මුග්ධයින් පිරිසක් මොහු වටා පසුගිය කාලයේ එක් රොක් වී සිටියා අප දැක ඇත්තේමු. කෙසේවෙතත් ඔවුන් කුෂන් නැති පුටුවල වාඩි නොවන්නේ උන්ගේ මොළය තැලෙන නිසා බව නම් මේවා දැකීමෙන් අවබෝධ වේ. සැමගේ අවධානය පිණිස මෝලම් වාදනය ඇතුළත් කළ පහත වීඩියෝව අප විසින් සකස් කරන ලදී.


අහලකින් වත් නොයන සුදලිය පරම්පරාවකට තමා අයත් යයි කියමින් ඉතිහාසය විකෘති කරන ගිනිඅලුගේ කරුණාපාල විසින් මෙයින් සාහිත්‍ය හා සංගීතයත් විකෘති කොට ඇති බව පෙනේ. අප පෙරදී ප්‍රකාශ කලා සේ සාහිත්‍ය කන්නදැයි ඇසූ ඇමතිවරුන්ගෙන් පාලනය වූ රටක කරුණාපාලලාට ඕනෑම කෙහෙම්මලක් කියා තම පශ්චාත් භාගයේ අත පිස දා ගත හැකි ය. ඒ නිසාවෙන්ම පාඨයින්ට අවධාරණයෙන් කියනුයේ හෙට දවසේ මෙම දෙමළ බෙරය ඉවත් කොට සැබෑ ගැටබෙරය භාවිතයට ගැනීමට ඇති ඉඩකඩ ඇති බැවින් අවධානයෙන් සිටින ලෙසයි. මන්ද දැන් ඔවුන් කතරගම දෙවියන්ගේ ආයුධයද  ඌරා වලේ සටන් ඉතිහාසය ද ඇතුළු ඉතිහාස කරුණු හා කලා ශිල්පීය නාමයන් විකෘති කොට හමාර ය. ඉදිරියේදී තව කුමන දෙයක් විකෘති කිරීමට බලාපොරොත්තුවෙන් ‍සිටින්නේ දැයි කිව නොහැකි ය. එසේම නැට්ටුවන් හා සංගීතඥයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ තමන් උගත් ශාස්ත්‍රය මෙසෙල විකෘති කරන විට සිහි විකල් වූවන් මෙන් නොහිඳ කොන්ද පණ ඇති මිනිසුන් මෙන් ඉදිරිපත් වී තම විරෝධය මාධ්‍ය හරහා පළකරන ලෙසයි. 


3 comments:

Anonymous said...

මේක නම් මහ විහිළුවක්. මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීමත් බිංදුවයිනේ. අපේ ගෙදරත් ගැටබෙරයක් තියෙනවා. ඇත්තටම ඇයි මේ මාධ්‍යවලට බොරු කියන්නේ.

Anonymous said...

oyage 1 wage da, ape gedara gatabera 5kma thiyanawa.

Anonymous said...

ගැටබෙරය පමණක් නොව යක්බෙරය,දවුල,තම්මැට්ටම ආදී බෙර වර්ග කිහිපයක්ද රණබෙර වාදනය සඳහාගැටබෙරය පමණක් නොව යක්බෙරය,දවුල,තම්මැට්ටම ආදී බෙර වර්ග කිහිපයක්ද රණබෙර වාදනය සඳහා අංගම්පොර ශල්පීන් විසින් භාවිතා කරයි.නමුත් මැද සහ දෙපැත්ත සමාන වන කරුණාපාලගේ බෙරය ඒ එකක්වත් නොවන බව නම් අපට පසක්වී හමාරය.ගැටබෙරය යනු කුමක්දැයි අප දැනඉගෙනගත්තේ පාසල් කාලයේදීය.ගැටබෙරයට වඩා තීව්‍ර හඬක් සහිත බෙරයක් වන යක්බෙරය නොහොත් රුහුණු බෙරය අතීතයේදී යුද්ධයට භාවිතා වුවද අද බලි-තොවිල් ආදියට පමණක් සීමාවී තිබීම කනගාටුදායක කරුණකි.බෙර වාදනය සහ නර්තන කලාව වසර 18 කට ආසන්න කාලයක් හදාරා ඇති මට නම් ගැටබෙරය ගැන අමුතුවෙන් ඉගෙනගත යුතු යමක් නැත.එය කෙසේවෙතත් මින්මතුවටවත් ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා සමාජයට බේගල් ඇදනොබාන ලෙසට කරුණාපාල ඇතුලු චීනඩිකාරයින් පිරිසට දන්වා සිටිමු.....