අපූරු ආයුධය

ගිනිඅලුගේ කරුණාපාල විසින් වේලායුධය නම් අපූරු ආයුධයක් පිළිබඳව සඳහන් කරයි. මෙම වේලායුධය තනි පටිය, පටි තුන හා පටි හය ලෙස පවතින බවත් පවසයි. ‍ඒ වගේම මෙයට වේලායුධය යයි කියන්නේ 'ඇඟ වටා වෙලෙන නිසා බවත්' බවසයි. ‍මහා උත්සවාකාරයෙන් හැට්ටය හැඳ ගන්නා කරුණාපාල තම ඉන්දියාවෙන් හොරකම් කර ගත් ජෝතිය වැනි යට ඇඳුමින්ද සැරසී ද්‍රවිඩ මල බෙරය තම ගෝලයන් ගසද්දී 'වේලායුධ හරඹය' රඟ දක්වයි. ලංකාවේ හා දකුණු ආසියාවේ ඉතිහාසය හා ප්‍රභන්ද කතා දන්නා මහ වියත්හු ද මේ දෙස බලාගෙන අන්න වේලායුධය යයි පැවසීම ඉතිහාසය කන්නද කියා ඇසූ අධ්‍යාපන ඇමතිවරු හිටි රටක අරුමයක් නොවේ යයි සිතේ. මේ අපූරු ආයුධය ගැන ඔවුන්ගේ වචනවලින්ම මෙසේ ය. "...ඉලංගම් සටන් වලදී භාවිතා කරන අති සුවිශේෂී ආයුධයක් ලෙස ‘‘වේලායුධය’’ හැඳින් විය හැක. මෙය සමූහ ඝාතක අවියක් ලෙස යොදා ගනී. වේලායුධය, මෙයට මෙම නම යොදා ඇත්තේ එය ඇඟ වටා වෙළෙන බැවිනි. මෙම ආයුධය සකස් වී ඇත්තේ අඟලක් පමණ මහත අඩි හයක් පමණ දිගින් යුතු මුවහත් වානේ පටි වලිනි...." ඔවුන් තවදුරටත් මෙසේ පවසයි. "දෑතට වේලායුධ දෙකක් ගෙන කරකවන විට එය පොළොවේ නොවදින අතර සතුරාමට කිසිසේත් ළඟට පැමිණිමට නොහැකි වේ."
කරුණාපාලගේ බ්ලොගයේ තිර පිටපතක්.
(මෙම පිටුව සේව් කොට තබා ගන්න මන්ද හෙට මේ ටික වෙනස් ‍කොට දත කට මැද ගන්නවා නියතයි)

කතරගම දෙවියන් වේලායුධය අතැතිව


මුරුගන් දෙවියන්ගේ වේල් නොහොත් වේලායුධය


අප දන්නා තරමින් නම් වේලායුදය ඇත්තේ කතරගම දෙවියන් ටය. කතරගම දෙවියන් සතුව පවතින එම ආයුධය හඳුන්වන්නේ වේලායුධය ලෙසටයි. වේලන්ගේ ආයුධය 'වේලායුධය' ලෙස අර්ථකථනය එයි. ජනතාවගේ විඥානයට මේ කරන විනාශය කෙතරම් ශෝචනීය ද? මෙම ආයුධය පිළිබඳව 2011-03 වන මාස නව ඉරිදා පුවත්පතේ පළවූ ලිපියකින් ද අනාවරණය වේ. එහි සඳහන් කරනුයේ "... ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළේය. (වේලායුධය යනු ගිනි දළුවක හැඩයකින් යුතු තලයකින් සමන්විත හෙල්ලයකි. එය ස්කන්ධගේ පූජනීය සංකේතය බවට පත්ව ඇත.)..." ‍  ලංකාවේ වේලායුධය ඇදහීම පිළිබඳව ලියැවී ඇති ආචාර්ය විමලා ක්‍රිශ්නපිලායි මහත්මියගේ  Vel Worship in Sri Lanka යන ලිපිය ද හොඳින් කියවා බලන්න.


මුරුගන් දෙවියන්ට සිය මව වන පාර්වතී විසින් ඇයගේ දේව බලය තම පුතුට ලබා දීමක් ලෙස සුරපද්මන් සමඟ යුද්ධයේදී භාවිතා කිරීම සඳහා වේලායුධය ලබාදුන් බවත් ‍විශ්වාස කෙරේ. එසේම මුරුගන් ශක්තිමත් තරුණයෙකු බවට පත්වූ කළ දේවයෝ ඔහු තම නායකයා ලෙසින් පිළිගත් බව සඳහන් වන අතර ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළ බවත් සඳහන් වේ.

අපූරු සමාසය - "ඇගට වෙලෙන නිසා වේලායුධය"


සිංහල අපට සිංහල භාෂාවේ එන සමාස ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. සමාස යනු ව්‍යාකරණ විධියකි. එක් උදාහරණයක් වන්නේ "ගුරුගේ ගෙදරට යන පාර, ගුරුපාර" යන්නයි. ඇගට වෙලෙන නිසා වේලායුද කියන සමාසය බලෙන් ආරූඩ කරන ලද්දක් බව සිංහල දන්න ඕනෑම අයෙකුට තේරෙයි. මෙම එතුණූ කඩුවට වේලායුදය ලෙසට හඳුන්වන්නේ කරුණාපාල මහතාම පමණි. දැන් දැන් ඔවුන් මෙය වෙනස් කරමින් පවතී. එනම් 'වේලායුදය එතුන කඩුව' ලෙස සඳහන් කරයි. මේ හරකා එන්නේ පොල් පැලයට බව පැහැදිලි ය. කාලයත් සමඟ මොවුන්ට තමා මේ කියන බොරුව මිනිසුන්ට බොරුවක් බව වැටහෙන බව තෙරුම් ගැනීමෙන් දෙපැත්තටම හරියන වචනයකට මෙය මාරු කර ඇත. ඇට නැති දිව ළඟදීම අනෙක් පැත්ත හරවනු ඇත.


පොළවේ  නොවදින සමූල ඝාතක අවිය


හෙළ අංගක්කරුවන් භාවිතා කරන තල 30 කට අධික ප්‍රමාණයක් භාවිතා වන (නියම තල ගණන ප්‍රකාශ කිරීම වැරැද්ද නිවැරදි කර ගැනීමට දෙන රුකුලක් නිසා නියම ගණන ප්‍රකාශ කළ නොහැකි ය.) එතුණු කඩුව ලෙස ලොවට පෙන්වීමට උත්සාහ කරන මෙය ඉන්දියාවේ ද්‍රවිඩ සටන් වලදී භාවිතා වන අප එතුණු කඩුවට සුළු වශයෙන් සමාන උරුමි හෝ චුට්ටුවාල් නැමති ආයුධයයි. මේ පිළිබඳ විකිපීඩියා ලිපිය මෙතනින් කියවන්න. මෙම චුරුච්චුවාල් හෝ උරුමි නැමති ආයුධ ද්‍රවිඩ සටන් ක්‍රමයක් වන කලරි පයාට්ටු වල භාවිතා වන්නකි. නමුත් අද බොහෝ ද්‍රවිඩ සටන් කරුවන් මෙහි එක් තලයක් පමණක් දමා භාවිතා කරයි. 

කරුණාපාලට අනුව "දෑතට වේලායුධ දෙකක් ගෙන කරකවන විට එය පොළොවේ නොවදින අතර සතුරාමට කිසිසේත් ළඟට පැමිණිමට නොහැකි වේ". මෙය පොළවේ නොවැදී භාවිතා කිරීම සිදු කළ යුතු වුවත් ඉහත වීඩියෝවේ කරුණාපාල රඟ දක්වන ‍මහාලොකු "වේලායුධ හරඹයේ" වදින්නේම පොළවට ය.  


චුරුට්ටුවාල්හි ද්‍රවිඩ අර්ථකථනය

ද්‍රවිඩ හා හින්දු චිත්‍රපටවල භාවිතා වන මෙම චුරුට්ටුවාල් නැමති කරුණාපාලගේ ආයුධය ඔහුට වඩා හොඳින් ෂාරුක් ඛාන් විසින් අශෝක් චිත්‍රපටයේදී හසුරුවන අයුරු මෙම විඩියෝවෙන් පෙනේ. කරුණාපාල විසින් ලංකාවේ චිත්‍රපටියක සටන් සිදු කලා සේ අශෝක් චිත්‍රපටයේ ද සටන් අධ්‍යක්ෂණය සිදු කරන්නට ඇතැයි මුග්ධ හුදී ජනයාට හිතෙනු නොඅනුමාන ය.

ඉන්දියානුවන් අපූරු ආයුධයට දෙන අර්ථකථනය පහත පරිදිය.  

"The sword is a flexible band of steel three-quarters to one inch in width, and long enough to reach from the fingertip of one hand to the finger tip of the other hand when the hands are held outstretched (usually about four or five and a half feet). It has a small handle with a cover. Often there are multiple belts on a single handle, which makes it more dangerous to the opponents and wielders alike. In modern times it is often made from used band-saw blades and packing bands"

වැඩි විස්තර සඳහා-

මෙම උරුමි හෝ චුට්ටුවාල් ගැන කියවෙන වීඩියෝව පහතින් බලන්න. 



මෙම වීඩියෝව බුද්ධිමත්ව බලන්න. මෙවන් චෞරයන් විසින් ලොවට කියන්නේ එකක්ය. කරන්නේ තවෙකක් ය. සිංහල නොදන්න කම නිසා වේලායුධය යනුවෙන් නමක් යොදාගෙන ඉන්දියාවේ චුට්ටුවාල් භාවිතය කරන්නේ මේක අපේම අපේ දෙයක්. මේක රාවණාත් භාවිතා කළා. මගේ සුදලියේ පරම්පරාවේ ආයුධයක් ආදි වශයෙන් කියන විට මේවා බලා ඉන්න ඉන්දියාවේ දෙමලුන් ටික කුමක් කියනු ඇත් ද?

කෙසේවෙතත් කරුණාපාලට මෙන්ම කලරි කාරයින්ට ද හැට්ටය නැතිව මෙය කිරීමට නොහැකි බව පෙනේ. මෙය ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපටිවල දැඩි ලෙස භාවිතා වන ආයුධයකි.



අපූරු ආයුධයේ අනිටු ප්‍රතිඵල

රාවණාද දෙමළ ජාතිකයෙකි යනුවෙන් මතයක් ගොඩනගා ලංකාව දෙමලුන්ට අයත් රටක් ලෙස ලොවට පෙන්වීමට උත්සාහ කරන එල්.ටී.ටී.ඊ. දරුස්මාන්ලාට මේවා අඩන්න ඉන්න එකාගේ ඇහැට කෝටු අනින්නාක් වැනිය. වසර 30ක් තිස්සේ ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ලංකාව දෙමලුන්ගේ නිජ භූමිය ලෙස ලබා ගැනීමට යුධමය වශයෙන් මෙන්ම මතවාදීව ද උත්සාහ කළ, Lost Opportunities in Sri Lanka වැනි පොත් ලියමින් සිංහලයින්ගේ ඔලු හේදීමට උත්සාහ කළ ද්‍රවිඩයන් හෙට මෙසේ කියනු ඇත.

"..ඔය අංගම්පොර කියන එක අපේ එකක්. ඒකේ භාවිතා වෙන්නේ චුට්ටුවාල් වැනි අපේ ආයුධ. හොඳම උදාහරණය ලංකාවේ ප්‍රසිද්ධ අංගම් ගුරුවරයෙකුගේ ආයුධය වන උරුමි ය. ඒ නිසා ඔයාලට පේනවා ඇති ලංකාවේ සිංහල සංස්කෘතික අංගයන්වල පවා දෙමළ සම්භවයක් තියෙනවා. මේ ලංකාව අපේ නිජභූමිය යයි කීමට හොඳම සාක්ෂියයි.."

එතකොට අපට වන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවන් මෙන් උඩ බලාගෙන ඉන්නට ය.

6 comments:

Anonymous said...

එතකොට මේ කියන සැබෑ එතුල් කඩුව බලාගන්න තැනක් දෙන්න. අඩුම සැබෑ එකේ පිංතූරයක් වත් දානවා නම් හොඳයි...

රාල said...

වේලන්ගේ ආයුධය නොහොත් වේලායුධය යනු ගිනි දළුවක හැඩයකින් යුතු තලයකින් සමන්විත හෙල්ලයකි. එය ස්කන්ධගේ පූජනීය සංකේතය බවට පත්ව ඇත. අදටත් වේල් යන නමින් ‍ද්‍රවිඩ ජාතිකයන් ඇදහීමට භාජනය කරන මෙය වේලන් නොහොත් කතරගම දෙවියන්ට තම මෑණියන් වන පාර්වතී විසින් තම බලය පුතුට ලබා දීමක් ලෙස සුරපද්මන් සමඟ යුද්ධයේදී භාවිතා කිරීමට ලබාදුන් බවත් ‍විශ්වාස කෙරේ. එසේම මුරුගන් ශක්තිමත් තරුණයෙකු බවට පත්වූ කළ දේවයෝ ඔහු තම නායකයා ලෙසින් පිළිගත් බවත් ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළ බවත් සඳහන් වේ.

උපුටා ගැනීම:
http://si.efactory.pl/%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8_%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9D

HELAYA said...

හරි දැන් එතකොට කොහෙන්ද අපි හරිම අන්ගම්පොර හොයාගන්නේ?

Anonymous said...

ඌරාවලිය හටන යනු කුමක්ද? 'වලිය' වැනි රස්තියාදුකාර වචනවලට එතරම් දීර්ඝ ඉතිහාසයක් තිබිය නොහැක.

අංගම්පොඩි said...

ඌරා වලිය හටන කියා යමක් නැත. යමෙකු එසේ තිබෙනවා යයි කියනවා නම් ඔහු අංගම්පොර ගැන යමක් දන්නේද නැත. ඌරා ළිඳේ අංගම් කෙටීම යනුවෙන් යමක් නම් ඇත. එය මෙවැනි චීනඩි කාරයින් දන්නේම නැත.

Anonymous said...

ඔබ මේ සැම විවේචනය කරන්නේනම්,සැබැ අංගම් ශිල්පය උගන්වන අයෙක් හෝ ස්ථානයක් පිළිබද ඔබ දන්නේ ද ?එසේ නොමැතිව ඔබ කියන මේ දේ බලන අසන හා කියවන අපත්,ඔබ කියන පරිදිම අර ඇටි කෙහෙල කාපු අහවල් සත්ත්වයින්ගේ ඝණයට නොවැටෙන්නේ ද ?