උත්තරවලට ප්‍රතිඋත්තර

අන්තර්ජාල හෝ රීදීතිරයේ වීරයන් ලෙස නම් දරා සිටින කෝට්ටේ අංගම්ඉලව්මඩුවේ සාමාජිකයන් විසින් ඔවුන්ගේ මුහුණු පොතේ දී කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් අංගම්හොරු බ්ලොක්කරණය තුළ ඔවුන්ට කර ඇති චෝදනාවලින් කර හැර යාමට උත්සාහ දරන බව පෙනී ගොස් ඇති හෙයින් එම පිළිතුරුවලට මෙම පිටුවෙන් ප්‍රතිඋත්තර බැඳීමට සිදු වී ඇත.

මොවුන් විසින් 2011-06-14 වන දින එක් කුඩාලිපියකින්ද 2011-06-11 වන දින දීර්ඝ ලිපියකින්ද අපගේ මෙම කාර්ය විවේචනය කර ඇති අතර ඒවාගේ පිටපත් පහත දැක්වේ.

2011-06-14 වන දිනැති ලිපියේ "අප අංගම් සටන් කණ්ඞායම අන් කිසිම සටන් කණ්ඞායමකට අභියෝග නොකරණ ප්‍රතිපත්තියක මෙතුවක් කල් රැඳුනද" දැන් එසේ නොවන ප්‍රතිපත්තියකට එළැඹ ඇති බවත් එයට හේතුව අප විසින් මේ "හැංගී කරන මඩ ගැසීම" බව ප්‍රකාශ කරයි. මෙයින් පැහැදිලි වන්නේ 2011-5-14 වන දින තුරු එනම් අප මෙම උපහාසාත්මක බ්ලොගය නිර්මාණය කිරීමට පෙර ඔවුන් පෙර ප්‍රතිපත්තියේම සිටි බවයි. ‍අප අපූරු අභියෝග පිටුවේදී සඳහන් කරන පුවත් පත් ලිපිය ලියා ඇත්තේ 2008-01-20 වන දිනය. බැලූ බැල්මට ඔවුන් හරි ය. නමුත් ගැටලුව වන්නේ මෙහිදී මොවුන් සඳහන් කරන්නේ "අප අංගම් සටන් කණ්ඞායම" ගැන ය. එනම් මිරිහාන ගල්වල පාරේ ඉලව් මඩුව ගැන ය. නමුත් ඉරුදින පුවත් පතේ සඳහන් වන්නේ "අංගම්පොර කියන්නේ කාටවත් අභියෝග කරන්න පාවිච්චි කරන ශාස්ත්‍රයක් නෙවෙයි" යනුවෙනි. එනම් අභියෝග නොකිරීමේ ප්‍රතිපත්තිය තිබෙන්නේ ඔවුන්ගේ ඉලව් මඩුවේ නොව අංගම් ශාස්ත්‍රයේ ය. මෙයට අනුව මෙම තර්කය හුදෙක් පුහු තර්කයක් ලෙස ඉවත දැමිය හැකි වුවද කිව යුත් කරුණු කිහිපයක් ඇත. අංගම්පොර කලාවේ එවන් සම්ප්‍රදායක් තිබුණේ නැත. එසේ තිබුණද ප්‍රතිපත්ති වෙනස් කිරීමට සටන් කරුවෙකුට හෝ කණ්ඩායමකට අවසරක් නැත. එය අංගම් කලාවට පමණක් නොව ඕනෑම ශාස්ත්‍රයකට පොදු ය. උඩරට නැට්ටුවා වෙස් ඇඳුම ඇඳීමට පෙර දිය ලණුව බැඳ අමුඩය ගැසීම ප්‍රතිපත්තිය හා සම්ප්‍රදායයි. එය වෙනස් කිරීමට කිසිදු අයෙකුට හැකියාවක් නැත. එසේ වෙනස් කළහොත් එය ශාස්ත්‍රයට පිටුපෑමක් ලෙස පිළි‍ගැනෙයි. 

මෙහි සඳහන් වන අනෙක් කරුණ වන්නේ අප විසින් ඔවුන් කෙරෙහි ඇති දැඩි ඉරිසියාව නිසා මෙම බ්ලොගය පවත්වාගෙන යන බවයි. පෘතග්ජන අපට ඉරිසියාව තිබේ එය ඇත්තය. නමුත් ඉරිසියා කිරීම යනු තමන්ට නොලැබෙන දෙයක් නිසා අනුන්ට කරන මානසික හෝ භෞතික ක්‍රියාවකි. ගල්වල පාරේ ඉලව් මඩුවෙන් ඔවුන්‍ට ලැබෙනුයේ මුදල් ය. එනම් අපට නොලැබෙන දේ ද මුදල්ය. අප විසින් ඔවුන්ට ඉරිසියා කිරීමට නම් අපට මුදල් අවශ්‍යතාවක් තිබිය යුතුය. එනම් අපිත් ප්‍රසිද්ධියට පැමිණ අංගම් ශිල්පය සමාජයට ඉගැන්වීමට ඉදිරිපත් වී අපේ අම්මා තාත්තා වැනි වූ උතුම් අංගම් ශිල්පය විකුණාගෙන කෑ යුතු ය. එය ඉගෙන ගැනීමට එන හම්බයටත්, මරක්කලයටත්, සුද්දටත්, හිපියටත් එය ඉගැන්විය යුතු ය. අපට එවන් අවශ්‍යතාවක් තිබෙනවා නම් පමණක් අපි ඔවුන්ට ඉරිසියා කළ යුතු ය. අපට චීනඩි, චීනඩි නමින්ම උගන්වා ලොව අංක එකේ ධනවතා වූව ද ප්‍රශ්නයක් නැත. අපට ඇත්තේ අංගම් ශාස්ත්‍රයේ නම විකිණීම සම්බන්ධයෙන් ඇති වූ දැඩි සංවේගයකි. එයට ඉරිසියාව කියනවානම් ඉරිසියාවට කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන්ම අසා දැනගත යුතුව තිබේ.

ඔවුන් ගැන අපට සැකයක් ඇති බව ඔවුන් මෙහිදී තවදුරටත් කියයි. නැත. එය නිවැරදි විය යුතු ය. සැකයක් නොව "තහවුරු වූ සැකයක්" අපට ඇත. එහි තවදුරටත් සුද්ද කරන්නට දෙයක් ඉතිරි වී නැත. එය මොවුන් විසින් කරන ලද අතීත පත්තර වාර්තා හා රූපවාහිනී වැඩසටහන් දෙස බැලීමේදී මනාව පැහැදිලි වේ. එම තහවුරු වූ සැකය අද අප මෙම බ්ලොගය මගින් සමාජය ඉදිරියේ තබා ඇත. මෙයට අමතරව කොන්ද පණ නැත්තේ කාටදැයි පර සුද්දෙක් ඉදිරියේ දෙකට නැමීගෙන ඉන්නා පිංතූරයෙන්ම පැහැදිලි වේ. රාජ්‍ය සම්මාන ගන්න රාජ්‍ය ආයතනවල ලොක්කන් ඉදිරියේ දෙකට නැමීමෙන් ම පෙනේ. 



2011-06-11 වන දින දීර්ඝ ලිපියකින් කරුණු ඉදිරපත් කරන මෙම චීනඩි කරුවන් තවත් මගුල් සක්වලක් මවා පායි. මෙහි ඇති කරුණු සංක්ෂිප්තව ගෙන සලකා බලමු.

01. මඩ ප්‍රහාරයක් දීයත් වීම
මඩ යනු යමෙක් තවත් අයෙකුට බොරු චෝදනා එල්ල කර සිදු කරන අපහාසයයි. නමුත් අපි මෙහි කිසිදු පදනම් විරහිත තර්කයක් ඉදිරිපත් කොට ඔවුන්ට චෝදනා කොට නැත. සියලුම කරුණු සාක්ෂි සහිතව ඔප්පු කොට ‍ඇත. එය උපහාසයක් මිස අපහාසයක් හෝ මඩ ප්‍රහාරයක් නොවේ. (හීන දීන ඇත්තන් හට උපහාසෙන් සරදම් කොට, යලි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික)
02. ඔවුන් "උගන්වන සටන් තාක්ෂණය නියම අංගම්පොර නොවන බවත්, නියම අංගම්පොර සටන් ක්‍රමය දරන්නන් ප්‍රසිද්ධියේ කටයුතු නොකරණ බව" අප විසින් ප්‍රකාශ කරන බව
පළමු කරුණ නිවැරදි ය. එනම් ඔවුන් උගන්වන්නේ චීනඩි බව අප විසින් ප්‍රකාශ‍ කොට ඇත. එය ඉදිරියේදී තව තවත් සාක්ෂි මගින් ඔප්පු කෙරෙනුද ඇත. දෙවැනි කරුණ එනම් නියම අංගම්පොර ශිල්පීන් ප්‍රසිද්ධියේ කටයුතු නොකරන බව අපි මෙම බ්ලොක් වල කොතැනකදී හෝ කියා නැත. කෙසේවුවද සුද්දාගේ පාලන කාලයේදී අප්‍රසිද්ධව සිටි බව අප පිළිගනිමු. ප්‍රසිද්ධියේ අංගම්පොර හැදෑරීමට දැනට තහනමක් නැත. එනිසා දෙවැනි කරුණ අපට අදාල නොවේ.
03. රාජ්‍ය සම්මාන ලැබු එකම අංගම්ශිල්පියා ගිනිඅලුගේ කරුණාපාල බව
රාජ්‍ය සම්මාන යනු අංගම් ශිල්පයට අදාල වන්නක් නොවේ. මර්වින් සිල්වාටත් ආචාර්ය පදවි පිරිනැමූ මෙවන් යුගයක රාජ්‍ය සම්මානයක් ගැනීම කජ්ජක් නොවේ. අනික රාජ්‍ය සම්මාන ලබා දීම නැට්ටුවන් වැනි ඕනෑම ක්ෂේත්‍රයක කෙනෙකුට ලබා දෙන්නකි. ඉල්ලුම් පත්‍රයක් පුරවා ගොස් භාර දුන් විට ඔවුන් විසින් සලකා බලා රජ්‍ය සම්මානයක් පිරිනමන්නේ ශිල්පීය දක්ෂතා මැනී‍මකින් නොවේ. එසේ මැනීමකින් සිදු වුවද රජයේ අංගම්පොර ශිල්පය හැදෑරූ කවුරු විසින් අධීක්ෂණය කරන්න ද? රජ කාලේ නින්දගමක් වැන්නක් නම් පිළිගත හැකි ය. මන්ද අංගම් ශිල්පය හැදෑරූ රජවරු සිටි බැවිනි. "අනේ මටත් ඔය සම්මානයක් දෙන්නකෝ. ඕනනම් කීයක් හරි දෙන්නත් පුළුවන්" යයි රබර් කොන්ද නමා දීන ලෙස ඉල්ලා ගත් බඩකඩිත්තුවක් ඉස්සරහට දාගෙන තමන්ගේ චීනඩි අංගම්පොර බවට පත්කර ගැනීමට දරන තවත් අපත උත්සාහයක් ලෙස මෙය ‍පිළිබිඹු වේ. අනෙක් කරුණ වන්නේ වගීෂ බණ්ඩාර නම් චෞරයාටත් මෙවැනිම රාජ්‍ය සම්මානයක් ලැබී ඇති බව බණ්ඩාර ප්‍රකාශ කිරීමයි. එතකොට එකම රාජ්‍ය සම්මාන ලැබූ ශිල්පියා යන්න මුලාවකි.
04.  ඉතිහාසය අධ්‍යනය කර තැනූ අබා සිනමා කෘතියේ සටන් අධ්‍යක්ෂකතුමා බව
අබා නිර්මාණය කිරීමට ඉතිහාසය අධ්‍යයනය කළ බව ඇත්තය. ඉතිහාසය විකෘති කළ බවත් ඒ වගේම ඇත්ත ය. මන්ද අපේ ඉතිහාසයේ කුරුස කරේ ති‍යාගෙන යන ජීසස්ලා නැත. හැරී පෝටර් චිත්‍රපටියේ මෙන් බකමූණෝ හිටියේ නැත. නමුත් අබා චිත්‍රපටයේ මුන් ඔක්කොම ඉඳියි. එනම් ඉතිහාසය කතෝලික ඉතිහාසයක් කිරීමට "කුහුඹු පැණියා" ගත් තවත් ජඩ උත්සාහයක් පමණක් ලෙස අපට මෙය පෙනී යයි.
දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි නිර්මාණ තුළ අංගම් ශිල්පය භාවිතා නොවුණද ඒවායින් අංගම් ශාස්ත්‍රය සමාජ ගත කිරීමට විශාල පිටුවහලක් විය. නමුත් අබා චිත්‍රපටියෙන් පසුව අංගම් ශාස්ත්‍රයට වූ යහපත කුමක්දැයි අපි ප්‍රශ්න කරමු. ලෝකයේ බිහිවූ ඉතිහාස චිත්‍රපට අතුරින් බාලම ගණයේ චිත්‍රපටයක් වන අබාහි ඇති එක අංගම් සටන් කොටසක් පෙන්වන ලෙස අප අභියෝග කරමු. කෙසේවෙතත් ග්‍රේෂන් නම් චෞරයාද මෙවැනිම මද්දුම බණ්ඩාර නම් චිත්‍රපටියක රඟපෑ බව ප්‍රකාශ කරයි. ඇඳුමක් අඳින්න දන්නේ නැති කෙනා තම හෙළුව වසා ගැනීමට පරඬැල් විළිය වටා ඔතා ගැනීමක් ලෙස මෙය අපට පෙනේ.
05.  78කට අධික අංගම් ශිල්පීන් ගණනාවක් අධ්‍යනයකින් පසුව තමන්ට සටන් අධ්‍යක්ෂණය භාර දුන් බව
ජැක්සන් වැනි හකුරු කතෝලිකයෙකුගෙන් තමන්ගේ ශිල්පය පරීක්ෂා කරවා ගැනීමට තරම් රාජ්‍ය සම්මාන ලැබූ අංගම්කරුවෙක් අසරණ වී ඇති ආකාරය දකින විට අපිට නම් ඇති වන්නේ සානුකම්පිත හැඟීමකි. කෙසේවුවත් මෙය පවසන්නේ කරුණාපාල පමණක් වීම නිසත්, ජැක්සන් මෙවැන්නක් ප්‍රසිද්ධියේ පවසා නැති නිසත් මෙය තමන්ගේ ව්‍යාපාරික උපක්‍රමයක් බව නම් පැහැදිලිය. නමුත් අපට මතුවන ගැටලුව වන්නේ ජැක්සන් ‍කුමන ක්‍රමයකට ඉහත අංගම්පොර ශිල්පීන් (ඔවුන් කියන ආකාරයට) පරීක්ෂා කළාද යන්නය. කැකිල්ලේ රජ්ජුරාවන්ගේ තීන්දුව මතක් වන්නේ මේ වෙලාවට ය. අංගම්පොර සටන් කලාවේ අබමල් රේණුවක් නොදන්‍නා,  කතෝලික ඉතිහාස ව්‍යාපාරිකයෙක් ලංකාවේ හෙළ සටන් කලාව ගැන තීන්දුවක් ලබා දෙන්නේ ඔහු ඉහත හැත්තෑ අට දෙනා සමඟ සටන් කොට බැලුවාද නොමැතිනම් ‍අංජනමක් බැලුවාද යන්න සිතාගත නොහැකි ය. තමන් නොදන්න විෂයයකට සහතික දීම සෝම හිමියන්ගේ සිංහලෙන් රචිත පොතට රුසියානු ජාතිකයන් සම්මානයක් දුන්නා යයි පැවසීමට සමාන ය.
06.  අතීතයේ සිටම ඉන්දියාව හා ලංකාව අතර සටන් ශිල්පීන් ගේ අන්තර්ක්‍රියාවන් දැකිය හැකිය! 
අප විසින් කිසිඳු විටෙක් ලංකාව හා ඉන්දියාව අතර අන්තර්ක්‍රිය සිදු නොවූවා යයි කියා නැත.  ඉන්දියාව පමණක් නොව චීනය, සියම වැනි බොහෝ රටවල් සමඟද අපේ සම්බන්ධතා තිබුණි. වරක් චීනයේ සුන්ලෝ අධිරාජ්‍යයාගේ සෙන්පතියා වන චැන්හෝ විත් කෝට්ටේ අලකේෂ්වර රජුව අල්ලාගෙන ගිය බව අප දනිමු. එම අලකේෂ්වර පරම්පරාව අදද චීනයේ ජීවත් වේ. අද උජාරුවෙන් කතාකරන කෝට්ටේ අංගම්කරුවන් ඒ වන විට කොහේ සිටියාදැයි අපට මතක් කර දෙන ලෙස අපි ඉල්ලමු. එසේම ඉන්දියාව ලංකාව අතර ඇතිවූ ද්වන්ධ සටන් වලින් කිසිඳු විටෙක වත් අප පැරදී නැත. ආක්‍රමණ 100% සටන් ශිල්පීය දක්ෂතා මත පමණක් පදනම් නොවන නිසා ඉන්දියාව දිනූ ආක්‍රමණ මෙයට අදාල කර ගත නොහැකි ය. ඉන්දියාව දිනාගත් එකම ද්වන්ධ සටනක් අපට පෙන්වන ලෙස අපි අභියෝග කරමු. ලෙව්කේ දිසාව හා වෙනත් අප සටන් කරුවන් සමඟ සටනට පැමිණි සියල්ලන්ටම අත්වූයේ පරාජයයි. 
තවත් පැහැදිලි කළ යුත්තක් වන්නේ ලංකාව හා ඉන්දියාව අතර ගැටුම් ඇතිවූ පමණින් ඔවුන් අපට ඔවුන්ගේ සටන් ශිල්ප දුන්නා හෝ අපි ඔවුන්ට සටන් ශිල්ප දීමක් සිදු වුණා යයි උපකල්පනය කිරීම විහිළුවක් යන්නයි. මන්ද යුධ හතුරන් සටන් ශිල්ප හුවමාරු කර ගැනීමට එකඟ වන්නේ නම් ඔවුන් උම්මත්තකයන් විය යුතු ය.  එසේම හෙළ අංගක්කරුවන්ගේ දිවුරුම්දීම්වලට අනුව සටන් ශාස්ත්‍රය තම ජාතියෙන් පිට දීම සපුරා තහනම් වූ නිසා කෙදිනකවත්  ඉන්දියානු සටන් ක්‍රම අංගම්පොර සමඟ මිශ්‍ර වීමට හැකියාවක් නැත. 
07. ආයුධ සංක්‍රමණය වීම
අපි සිංහල කඩුව ගෙන බලමු. බැලූ බැල්මට ලංකාවේ කඩුව හා පළිහ ඉන්දියාව, ජපානය, චීනය, තායිලන්තය, ග්‍රීසිය වැනි රටවල කඩුවලට යම් යම් සමානකම් ඇත.  මෙය හරියට තුවක්කව වගේය. ටී 56, වුවද ඒ.කේ. 47 වුවද බැලූ බැල්මට එක සමානය. දෙකම තුවක්කු ය. නමුත් හැසිරවීවේ කලාව වෙනස්ය. අපේ සිංහල කඩුව වැනි ඉන්දියානු කඩුවක් ගත් පමණින් එය අංගම්පොර වන්නේ නැත. අංගම්පොර කඩු හැසිරවීමේ තාක්ෂණය නොදැන සමානකම් ඇති වෙනත් කඩුවක් ගත් පමණින් අංගක්කරුවෙක් වීමේ ආශ්චර්යයක් ද නැත.   
අපේ කඩුව සිංහල කඩුව ය. ඉන්දියන් කඩුව ගෙන එය සිංහල කඩුව ලෙස අංගං ශාස්ත්‍රයේදී භාවිතා වූයේ නැත. 
08. පටි හයේ පටිකඩු/ වෙලායුධය අංගම් සටන් ශාස්ත්‍රයට පමණක් ආවේණික බව
කිව යුතු කරුණු අපූරු ආයුධය නම් පිටුවේදී කියා හමාර ය. තවදුරටත් මෙයට වේලායුධය ලෙස කියනවා නම් ඊට පෙර එය එසේම වනවා යයි ‍එක ඓතිහාසික සාධකයක් ඉදිරිපත් කරන ලෙස අභියෝග කරමු. එසේම කතරගම දෙවියන් අතේ ඇති ගිණිදළුවක හැඩයෙන් යුතු ආයුධය වේලායුධය නොවන බවටද ඔප්පු කොට පෙන්වන්න. මේක ‍වේලායුධයම තමයි යයි කී පමණින් එය පිළිගැනීමට සූදානම් මුග්ධයන් දැනට ලංකාවේ නොමැති බවද බොහෝම හොඳින් තේරුම් ගන්නා ලෙස ද ඉල්ලමු.
09. අංගම් සටන් ශිල්පය හා චීනඩි අතර සම්බන්ධතාව
පළමුව ඇසිය යුත්තේ එවන් සම්බන්ධයක් තිබුණද එය උලුප්පා පෙන්වීමට උත්සාහ කරන්නේ ඇයි ද යන්නයි. තමන් තුළ නිවැරදි අංගම් ශාස්ත්‍රය තිබේ නම් මේ චීනඩි නම් සෙප්පට විජ්ජාවක් ගැන අඩුම තරමින් කතා කරන්නේ කුමක් උදෙසා ද යන්න තේරුම් ගැනීම බුද්ධිමත් පාඨකයන්ට භාර කරමු. 
 අපි හිතමු එවන් සම්බන්ධයක් තිබෙනවා කියා. එසේ  තිබුණ පමණින් චීනඩි හා අංගම්පොර එකක්ම වේද? අප දන්නා පමණින් ටයිකොන්ඩෝ හා කරාතේ යන සටන් ක්‍රම දෙක අතර සමානකම් ඇත. නමුත් එසේ සමානකම් තිබූ පමණින් අපි ටයිකොන්ඩෝවලට කරාතේ කියන්නෙත් නැත, කරාතේ වලට ටයිකොන්ඩෝ කියන්නෙත් නැත. දවුල හා දෙමළ මෝලම අතර බැලූ බැල්මට සමානකම් ඇත. නමුත් අපි මෝලමට දවුල කියන්නේ හෝ දවුලට මෝලම කියන්නේ හෝ නැත. ඉන්දියානු සාරිය හා උඩරට ඔසරිය බැලූ බැල්මට සමානය. නමුත් අපි සාරියට ඔසරිය කියන්නේත් ඔසරියට සාරිය කියන්නේත් නැත. තමන්ට අවශ්‍ය වූ විට කබරගොයත් තලගොයා වනවා සේ තමන්ගේ චීනඩි අංගම්පොර ලෙස උගන්නනවා පමණක් නොව චීනඩි කියන්නෙත් අංගම්පොරවලටම තමයි යයි කීමට දත කට මැද ගැනීම ජුගුප්තාසහගතය.
10. අනේ අපිව සැක කරන්න එපා???
ලිපියේ අන්තිමට වචනයෙන් නොකියා ඔවුන් කියන්නේ "අනේ අපිට සැක කරන්න එපා" කියා ය. හැංගිල ඉන්න අපි කර ප්‍රකාශ සියල්ල බොරු බවත් ප්‍රසිද්ධියේ අපි කරන දේ ඇත්ත බවත් පිළිගන්නා ලෙසද කාරුණිකව ඉල්ලයි. පැහැදිලි කළ යුත්තේ සරළ සත්‍යයකි. පාඨකයිනි, අප හැංගී සිටින්නේ කුමක් උදෙසාද යන්න තේරුම් ගන්න. එසේම ඔවුන් ප්‍රසිද්ධියේ සිටින්නේ කුමක් උදෙසාද යන්න තේරුම් ගන්න. ශාස්ත්‍රයේ කීර්ති නාමය භාවිතා කරමින් මුදල් උදෙසා පමණක් ප්‍රසිද්ධියේ සිටින ඔවුන් විශ්වාස කිරීම කළ හැකි නම් වත්මන් විවෘත ආර්ථික වෙළදපොල න්‍යාය මත පදනම් වන සියලුම දේ සත්‍ය විය යුතු ය. ආර්ථික සාධක මත පදනම්ව ප්‍රසිද්ධියට පත්වී සිටීම මෙන්ම සැබෑ ශාස්ත්‍රීය කොටස් නොදැනීම කොතරම් දැයි අප දැනට සහ ඉදිරියට මෙම බ්ලොග් අඩවියෙන් ප්‍රකාශ කරමු. 

අනෙක් කරුණ වන්නේ හැංගී සිටීම නීච ක්‍රියාවක් නම් 1818 සිට මේ දක්වා මෙම ශිල්පය රැකගත් අංගක්කරුවෝ සියල්ලෝම නීචයන් ය. මන්ද ඔවුන් ඉතාම රහසිගතව මෙය පවත්වාගෙන ආවේ හැංගී සිටීමෙන් නිසාය. නීච කමක් නම් එවන් නීචකම් නිසා ආරක්ෂා වූ ශාස්ත්‍රයක් ලෙස අංගම්පොර ශාස්ත්‍රය පිළිගැනීමට සිදු වේ.


කෙසේ වූවද සැඟවී හෝ ප්‍රසිද්ධියේ කරන බොරුවක් කළ හැක්කේ ටික කාලයක් වන බැවින් අෂ්ට ලෝක ධර්ම‍යෙන් කම්පා නොවී සිටින ලෙස අපි නුගේගොඩ චීනඩි මඩුවෙන් ඉල්ලා සිටිමු.

14 comments:

සිදත් said...

අනික් එවා ගැන නම් මට ෙත්රුමක් නැහැ. එ්ත් අබා එෙක් fighting නම් චාටර්.

දික්සඳ said...

අබා එකේ fights විතරක් නෙමේ ඔක්කොම චාටර්. අන්න එකට මහින්දාගමනය. මමත් එකේ රගපානව.

Anonymous said...

මාත් කියන්නේ , මේ බ්ලොග් එක කරන අය දැන් හැංගි හැංගි වෙස් බැන්ද ඇති. එලියට ඇවිත් නටුවනම් තමා හොද.

සරසවි සිසුවෙක් said...

සරසවි සිසුවෙක්

මම අද ඔයාලගේ බ්ලොග් සෙට් එක කියෙව්වා. පෞද්ගලිකව මාත් ඇතුළු අපේ ස්කෝලෙ සෙට් එකක් උසස් පෙළ කරන කාලෙ අංගම් පොර හැදෑරුවා.
කරුනාපාල මාස්ටර් ගැන ඔයාලා කියන දේවල් එක්ක මට ප්‍රශ්නයක් නෑ. එයාගෙ හැටි අපි දන්නවා.

1. ඔයාලා නියම අංගම් පොර ශ්‍රාස්ත්‍රය දන්නවා නම් අනිත් ගුරුකුල වලට ගරහන් නැතුව නියම අංගම් පොර ප්‍රසිද්දියෙ උගන්වන්න.

2. ඔබේ අනන්‍යතාවය නොබියව රටට හෙලි කරන්න. අන් අයට චෝදනා එල්ල කරනවා වගේම.

3. මේක මගේ අදහසක් - මේ ගුරුකුල අතර තිබෙන බෙදීම නිසා තමයි අංගම්පොර පරිහානියට ලක් වුණේ. සුද්දන් රටෙන් ගියාට පස්සෙ ඔබලා එකිනෙකාට විරුද්දව තමන් දන්න දේ පවත්වාගෙන ගියා මිසක් වෙන මඟුලක් කලේ නෑනෙ? අඩුගානෙ ඊළාම් යුද්දෙට ගිය පාරම්පරික අංගම්පොර සටන්කරුවො කීයක් ඉන්නවද?

4. පුළුවන් නම් සමස්ත ලංකාවෙම අංගම්පොර සටන් ශිල්පීන් එකතු වෙන්න. මොකක් කරලා හරි. එකතුවෙලා මේ ශ්‍රාස්ත්‍රය රහසක් වශයෙන් තියන් ඉන්නෙ නතුව රටට කියලා දෙන්න.

බුදු සරණයි
ඔබට ජය!

අංගම්පොඩි said...

හිතවත් සරසවි සිසුව,

ඔබගේ ඉදිරිපත්වීම හා අදහස් දැක්වීම අදහස් කරනවා. ඔබ කුමක් හෝ ශාස්ත්‍රයක් අංගම්පොර ලෙස ඉගෙන ගෙන ඇති බව පෙනෙනවා.

1. අප අංගම්පොර දන්නා අතර අනෙක් අයට ගරහන බවත් සැබෑ විය හැකි ය. නමුත් මේ අනික් ගුරුකුළවලට නම් නොවේ. අංගම්පොර නමින් ක්‍රියාත්මක වන වෙනත් සටන් ශාස්ත්‍රීය ගුරුකුලයන්ට ය. එම නිසා අප අනෙක් අංගම්පොර ගුරුකුල වලට ගරහනවා යන්න පිළිගත නොහැකි ය.

2. යෝජනාවට ස්තූතියි.

3. අංගම්පොර සටන් පරම්පරාවන් තම තමන්ගේ ශාස්ත්‍රය ආරක්ෂා කරගෙන ගියාට වඩා කළ යුතු වෙනත් 'මඟුලක්' නැත. කළ යුතු 'මඟුල' කොට හමාරයි. අදටත් කරමු. එසේම කිසිඳු අංගම්පොර පරම්පරාවක් අනෙක් පරම්පරාවට එදිරිව ගොස් නැත. අප සහයෝගයෙන් අදටත් එය පවත්වාගෙන ආවෙමු. ඔබ අංගම්හොරු හා අංගම්පොර සම්ප්‍රදායන් අතර ඇති ගැටුම පටලවාගෙන විය යුතු ය.

4. එකතු විය යුතු සටන් ශිල්පීන් දැනටත් එකතුවී සිටී සහ එකතු වෙමින් සිටියි. නමුත් පත්තරවල දමා විවෘත ආර්ථිකයේ විත්තිකරුවන් වීමට අප සූදානම් නැත. මෙතුවක් කල් දුක් විඳගෙන මෙය ආරක්ෂා කරන විට ඔබලා කවුරුවත් අපට වචනයකින් වත් උදව් කලේ නැත. අද ආරක්ෂා කොට වත්මන දක්වා පවත්වාගෙන ආ පසු උපදෙස් දීමට ඕනෑතරම් පිරිස් සිටී. එය සාධාරණ නොවේ. සිංහලයන්ගෙන් සුදුස්සන් මෙය අනාගතයට ආරක්ෂා කරනු ඇත.

තෙරුවන් සරණයි

Anonymous said...

ඒ කාලේ හැංගුන එක හරියි කියමුකෝ. එත් දැන් හැංගිලා ඉන්නේ මොකාට බයේද ?

අංගම්පොඩි said...

හිතවත,

ඒ කාලේ හෝ අද අප "හැංගී" සිටින්නේ නැත. අප සිදු කරන්නේ නිහඬව සිටීමකි. ඒදා නිහඬව සිටියේ ද අද නිහඬව සිටින්නේ ද කාහට හෝ බියෙන් නොවේ. ශාස්ත්‍රයේ මතු පැවැත්ම උදෙසා ය. එදා අපට ශාස්ත්‍රය ආරක්ෂා කර ගත යුතු වූයේ පර සුද්දන්ගෙන් ය. අද අපට ආරක්ෂා කරන්නට සිදු වී ඇත්තේ අංගං හොරුන්ගෙන් ය.

අංගම්පොඩි

Anonymous said...

අලගියවන්න මුකවෙටි තුමා සිය සුභාෂිතය තුළින් "... සොර සතුරන් ගත නොහෙනා, උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.. " යනුවෙන් පවසා ඇති කරුණ වැරදි වෙන්න ඕන. මම දන්නේ නැ ඔබ දන්නවා කියන ශිල්පය අංගම් හොරු හොරකන් කරන්නේ කොහොමද කියල.

අංගම්පොඩි said...

ආයුබෝවන්,

නැහැ යාළුවා. අලගියවන්න මුකවෙටි තුමා වැරදි නැහැ. හරි. නමුත් අංගම්හොරු හොරකම් කරන්නේ අප දන්නා ශිල්පය නොවේ. එම ශිල්පයේ ගෞරවයයි. ‍මම එක උදාහරණයක් දෙන්නම්. කරුණාපාල නම් චෞරයා මේතාක් උඩුකයට හැට්ට ඇන්ද අංගම්‍ හොරෙකි. නමුත් මෑති කාලයේදී සැබෑ අංගම් ශිල්පීන් උඩ ඇඳුම් ඇන්දේ නැති බව තේරුම් ගත් ඔහු දැන් දැන් උඩ ඇඳුන් ගලවාගෙන මගඩි නටන්නට පටන් ගෙන ඇත. අප විසින් නිවැරදි සටන් ශිල්පය කරලියට ගෙන ආවොත් ඔවුන් සිදු කරන්නේ අපේ ඇඳුම්, ආයුධ, සටන් විලාශ ආදිය පිටපත් කොට නිවැරදි ශිල්පීන් ලෙස ලොවට පෙන්වීමට උත්සාහ කිරීමයි. මේ පිරිස විලි ලැජ්ජාව යන්න ගෑවිලාවත් නැති ලෙස පිටපත් කරන අයුරු අපි හොඳින් දැක තිබෙනවා.

Anonymous said...

කතාව පැහැදෙලියි දැන්. මම දැනුවත් කිරීම පිළිබඳව කෘතඥ වෙමි. ඔබ දෙදෙනාගේම ලිපි කියෙවීමෙන් , මා හට අවබෝධ වුණු කරුණ තමයි, දෙදෙනාගෙන් කවුද හරි යන්න තෝරාගැනීමට නොහැකිවීම. දෙදෙනාම එකිනෙකාට ගැරහීම/ චෝදනා කිරීම තමා දකින්න තිබෙන්නේ. එක හරියට ලෙහාගන්න්න බැරි නූල් බෝලයක් වගේ. හැබැයි ඔබ කර ඇති වෙලයුධ සහ ගැටබෙරය පිළිබධ විග්‍රහය නම් 100% ඔබ නිවැරදියි. අනෙක් දේවල් ගැන නම් කතා කිරීමට මා හට එතරම් දැනුමක් නැ. අංගම් ශිල්පය සම්බධ කෙල පැමිණියෙක් නැද්ද දැන් ඕක විසදගන්න ?

අංගම්පොඩි said...

ආයුබෝවන්,

අප මෙහිදී සිදු කරන්නේ "හීන දීන ඇත්තන් හට උපහාසයෙන් සරදම්" කිරීමකි. අද අපහට මුහුණ දීමට සිදුව ඇති බරපතලම ගැටලුව නම් අංගම් ශාස්ත්‍රය ගැන සාමාන්‍ය ජනයා තුළ ඇති මද අවබෝදයයි. කෙසේ වුවත් පැරණි සිතුවම්, පොත්පත් හා කැටයම් මෙන්ම ජනශ්‍රැති ආශ්‍රය කරන්නෙකුට යම් යම් කරුණු අවබෝධ කොට ගත හැකි ය. නමුත් අද බොහෝ දෙනා බලනු‍යේ බෙල්ගේ කෑගලු වර්ණනාව හා එය ආශ්‍රය කොටගෙන ලියූ දැරණියගලගේ හෙළයේ ත්‍රාස්‍ය ජනය ක්‍රීඩා යන කෘති දෙක හෝ රන්ජිත් අතලේ වැනි මුග්ධයින්ගේ කෘති පමණි. ඒවායේ ඇති තොරතුරු අංගම් ශාස්ත්‍රය ගැන මතුපිටින් බලා ලියන ලද ඒවා පමණි. කෙසේ වෙතත් අදටත් අංගම් ශාස්‍ත්‍රය නිවැරදිව දන්නා පරම්පරා රාශියක් ලංකාවේ විවිධ ප්‍රදේශවල නිහඬව තම කටයුතු කරගෙන යනවා. නමුත් වත්මන් සමාජයේ පවතින මුදල් මත සියල්ල තීරණය වීමේ පසුබිම තුළ කරළියට පැමිණියහොත් මෙම ශාස්ත්‍රයේ මලගම එදින නිර්මාණය වන බව ඔවුන් දන්නා නිසා තවදුරටත් නිහඬව සිටිනවා. දන්නා අයගෙන් පැහැදිලි කරගැනීමට නොහැකි විට අද සමාජයට වෙනත් කරුණු එනම් මලයාලම් හා වෙනත් සටන් ක්‍රම වල ලක්ෂණ පැවතීම හා පදනම් විරහිත ප්‍රකාශ හා සිරිත් විරිත් ආදිය මතින් මෙය තේරුම් ගැනීමට සිදුවෙනවා. කරුණාපාල සම්බන්ධයෙන් ගැටබෙරය හා වේලායුධය වැනි දන්නා කරුණු තුළින් නොදන්නා කරුණු ගැන අවබෝධයක් ඇති කර ගත හැකියි. කෙසේවෙතත් කරුණාපාල දැන් දැන් සිදුකරන ක්‍රියාවන්ගෙන් ඔවුන්ට මෙම බ්ලොග් සමූහයෙන් ලුණු ඇඹුල් ඇතිව ලැබී ඇති බව පැහැදිලි වෙනවා. ගූගුල් සමාගමට කරුණාපාල කර ඇති පහත පැමිණිලි බලන්න.

පැමිණිල්ල 1
පැමිණිල්ල 2

අංගම්හොරු බ්ලොගයෙන් තමන්ගේ බුද්ධිමය දේපල අයිතිය කඩ වී ඇති බවට ගූගුල් සමාගමට ඉහත පැමිණිල්ලි කර ඇති කරුණාපාලගෙන් අප විසින් පිටපත් කරන ලද්දක් නම් නැත. කෙසේ වෙතත් විඳින්න බැරි තරම් වේදනාවක් දැනී ඇති බව නම් මෙයින් පැහැදිලි වේ. තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කිරීමට සාක්ෂි නොමැති කල වක්‍රව ගැසීමට මේ ගන්නා අමනෝඥ උත්සාහය ගැන අප තුළ ඇත්තේ උපේක්ෂා සහගත හැඟීමකි. එසේම යම් දිනෙක ‍අප තහනමට ලක්වුවද මෙම ක්‍රියාදාමයට එය බාධාවක් නොවනු ඇත. මන්ද අපට නැත්තේ මුදල් පමණි. නමුත් දැනුම හා අදහස් තුළින් ඔවුන් අප ඉදිරියේ ළදරුවන් ය. ඔවුන් ගන්නා මෙම උත්සාහය දැලකින් සුලං නැවැත්වීමක් බව තේරුම් ගත යුතු ය.

තෙරුවන් සරණයි

Anonymous said...

මේ පැමිණිල්ල විභාග කරන්න නම් . ගූගල් සමාගමට අංගම්පොර ඉගෙනගන්නම වෙනවා.

Anonymous said...

අනිත් දෙය තමා ඊයේ පෙරේදා කරුණාපාල ගුරුතුමාගේ දිවුරුම් දීමක් තිබ්බ. අපි පත්තරවල දැක්ක (ලංකාදීප සහ ලක්බිම පුවත්පත් ) මොකක්ද මේ දිවුරුම දීම කියන්නේ? කරතොට අජන්ත ගුරුතුමාගේ දිවුරුම් මධ්‍යස්ථාන ගැන පමණක් ඉන්ටෙර්නෙට් එකේ තියෙනවා . මොන දේවල් දිවුරන්නද කියල පැහැදිලි සදහනක් නැ. හැකිනම් පැහැදිලි කර දෙන්න.

Anonymous said...

අOගම්පොඩිතුමනි,කරුණාපාලලා ඔවුන්ගේ කටයුතු කරගියදෙන්. උන්ට කවදහරි ඕවා නවත්වන්න වෙනවා.මේ ලෝකෙ සත්‍ය කියලා දෙයක් තියෙනවා. උන්ට කවදාවත් එයට යටත් නොවී ඉන්න බැහැ.ඔබලා බියවිය යුතු නැහැ. උන්ට ඕවා අපේ ඇස් පණාපිට පලදෙනවා. මේ ලොකේ තියන උතුම් ශාස්ත්‍රයන්ට නිගරුකරන කිසිම කෙනෙක්ට දුකක් මිසක් සැපක්නම් වෙන්නේ නැහැ.