අපූරු අභියෝග

2008-01-20 වන දින "ඉරුදින" පුවත් පතේ මෙවැන්නක් සඳහන් වෙයි. "අංගම්පොර යනු කිසි විටෙකත් ප්‍රතිවාදීන්ට අභියෝග නොකරන සටන් කළාවක් වන බවත්, එහෙත් අද ඇතැමුන් අංගම්පොර නාමය පාවිච්චි කොට විවිධ අභියෝග කිරීමට පෙළඹී සිටිනුයේ එහි මූලික හරයවත් නොදැන බවද කරුණාපාල මහතා පැවසුවේය." නමුත් ඉන්නෙට් එකෙන් මොවුන් කියන්නේ මෙයට හාත්පසින් වෙනස් හරි අපූරු කතාවකි. ඔවුන්ට අභියෝග කිරීමට නොහැකි "යම්කිසි බියගුළු පිරිසක් " විසින් මෙම අංගම්හොරු බ්ලොග් කරණය සිදු කරන බවයි. එයින් නොනැවතෙන ගිනිඅලුගේ පුත් කියනුයේ "they don't accept my father's challeng or my challenge" යනුවෙනි. තවදුරටත් තම මුග්ධ බව ප්‍රදර්ශනය කරන ඔවුන් ඉහත ප්‍රකාශ කරනුයේ "ඌරාවලිය සටන කියන්නේ අභියෝග කරලා ගහ ගන්න එකක් නෙවෙයි. එහිදී වෙන්නේ දක්ෂ ගෝලයාට ගරුවරයා අවස්ථාවක් ලබා දීමයි" යනුවෙනි. මෙය උරාවලිය නොව "ඌරා වලේ හටන" විය යුතුය. වලිය යනු මෑතකාලීන පාරිභාෂිත වචනයකි. මූලික හරය නොදන්නේ කවුරුන්දැයි එයින්ම පැහැදිලි වේ.

ඉහත පත්තර පිටුව ගැන තව දේ කතා කිරීමට තිබුණද අපි ඉතිහාසය මතක් කර ගෙන ඉදිරි‍යට ගියොත් හොඳයි. මරුවල්ලියේ කුමාරිහාමී නමින් සතර කෝරලයේ සුප්‍රසිද්ධ සටන් කාරිය ගැන ඉතිහාසය ගැන දන්නා බොහෝ අය අසා ඇතිවාට සැක නැහැ. ‍මොකද සුප්‍රසිද්ධ නාට්‍යයක් වූ අකාල සන්‍ධා නාට්‍යයේ ඌරාවල ගැන හා අංගම් සටන් අභියෝග ගැන සඳහන් වෙන නිසා අංගම්පොර අභියෝග යනු වත්මන් ශ්‍රී ලාංකිකයින්ට අරුමයක් නොවනු ඇත.



(මෙහි ඇති උපකල්පිත කථාව හා සටන්, අංගම්පොර සම්ප්‍රදායට හා එහි ඉතිහාසයට 100%  අදාල වන බව අප පිළි නොගන්නා බව සැලකිය යුතුයි.)
මෙම වීඩියෝව තුළ ඌරාවලේ සටන් දෙකක් ඇත. ඉන් පළමු වැන්න මරුවල්ලිය හා සුදලිය පරම්පරා දෙකේ පනිකිරාල වරු මොහන්දිරම් තනතුර ලබා ගැනීමට කරන සටනයි. එනම් මොහන්දිරම් තනතුර ලබා ගැනීමට පරම්පරා දෙකක් අතර ඇතිවන අභියෝගයකි. ඉන් එක් අයෙක් මියයයි. දෙවැනි සටන ද්‍රවිඩයෙකු මෙන් වෙස්වලාගෙන පැමිණෙන මරුවල්ලියේ කුමාරිහාමිගෙන් එන අභියෝගයකි. එයත් උරාවලින් අවසන් වෙයි.

තමන් සුදලිය පරම්පරාවේ යයි කියා ගන්නා ‍හරිහමන් වංශයක් වත් නැති එක අකුරේ වාසගම් දරණ කරුණාපාල දැන් පවසන්නේ "ඌරාවලිය සටන කියන්නේ අභියෝග කරලා ගහ ගන්න එකක් නෙවෙයි" කියා ය. සුදලිය පරම්පරාව ගැන කෙසේ වෙතත් ලංකාවේ ඉතිහාසය වත් නොදන්නා බව එයින්ම මනාවට පැහැදිලි වෙයි. මරුවල්ලියේ කුමාරිහාමී (ඒදඬුවාවල දිසාපතිනිය) නම් සතරකෝලරයේ නායිකාව තම පියාව ඌරාවලේදී සටන් කොට මැරූ නාගසේනට ඌරාවලේදී අභියෝග කොට මැරූ පුවත දන්නා සිංහලයින්ට මේ විගඩම් බලා පශ්චාත් භාගයෙන් හිනා යාම පාලනය කර ගත නොහැකි වීම පුදුම සහගත නොවේ.

අංගම් සටන් හරඹයේ තනතුරු ප්‍රධානයේදී මෙන්ම ශිල්පීන් අතර ගැටුමක් ඇතිවන අවස්ථාවකදී සටනකට අභියෝග කිරීම සාම්ප්‍රදායික ක්‍රමවේදයකි. එහිදී කෙනෙකු ජයග්‍රහණය කිරීම ක්‍රම කිහිපයකට සිදුවිය හැකි ය. සතුරා මරණයට පත් කිරීම හෝ සතුරා අඩපණ කිරීම (අභියෝගයේ ස්වාභාවය අනුව), එක් සටන් කරුවෙක් පරාජය භාර ගැනීම යන හේතු දෙක මත සටන අවසන් වේ. සතුරා මියගියහොත් සතුරාට නමස්කාර කොට ජයග්‍රහයකයා ඌරා වලින් ගොඩවිය යුතු අතර ආයුධ සන්නද්ධ මෙන්ම නිරායුධ සටන්ද ඌරා වලේ පැවැත්වේ. අංගම්පොර පරම්පරාවක් විසින් තවත් එවන් පරම්පරාවකට හෝ එකම පරම්පරාවක් ඇතුළත වුවද මෙවැනි අභියෝග කිරීම් සිදුවේ. ඇතැම් අවස්ථාවලදී ඌරාවලෙන් ජයග්‍රහණය කරන කෙනාට පවා තවත් අයෙකු එම අවස්ථාවේදීම අභියෝග කොට ඌරා වලට බැස සටන් කරන අවස්ථා ඇත. ඉතිහාසයේදී නම් මෙම සම්ප්‍රදාය සාමාන්‍ය ජනයා පවා බොහෝ දැනුවත් වූවක් වුවද හැට්ට අඳින, චුට්ටුවාල්වලට වේලායුධය කියන, ජීවිතයට වත් ඌරා වලක් දැක නැති අංගම්හොරුන් සිටින කලියුගයේ මේවා සාමාන්‍ය ජනතාව නොදැන සිටීම පුදුම සහගත නොවේ.

කුහුඹු පැණියාගේ තීන්දුව

මෙම ලිපියේ කරුණාපාල පවසන තවත් උපහාසාත්මක කතාවක් ඇත. එය මෙසේ ය. "ජැක්සන් ඇන්තනීට වුවමනා වූයේ අබා චිත්‍රපටය සඳහා අපේම දේශීය සටන් ශෛලීයන් උපයෝගී කර ගැනීමටයි. ඒ අනුව සැබෑ සටන් කලාව දන්නා, දක්ෂතා ඇති ශිල්පීන් හැත්තෑ අට දෙනෙකු අතරින් කරුණාපාල ගුරුන්නාන්සේ චිතුපටයේ සටන් අධ්‍යක්ෂකවරයා ලෙස තෝරා ගැනෙන්නේ ඔහුගේ ඇති සුවිශේෂත්වය නිසයි" මෙය පවසන්නේ කරුණාපාල පමණක් වීම නිසත්, ජැක්සන් මෙවැන්නක් ප්‍රසිද්ධියේ පවසා නැති නිසත් මෙය තමන්ගේ ව්‍යාපාරික උපක්‍රමයක් බව නම් පැහැදිලිය. නමුත් අපට මතුවන ගැටලුව වන්නේ ජැක්සන් ‍කුමන ක්‍රමයකට ඉහත අංගම්පොර ශිල්පීන් (ඔවුන් කියන ආකාරයට) පරීක්ෂා කළාද යන්නය. කැකිල්ලේ රජ්ජුරාවන්ගේ තීන්දුව මතක් වන්නේ මේ වෙලාවට ය. අංගම්පොර සටන් කලාවේ අබමල් රේණුවක් නොදන්‍නා,  කතෝලික ඉතිහාස ව්‍යාපාරිකයෙක් ලංකාවේ හෙළ සටන් කලාව ගැන තීන්දුවක් ලබා දෙන්නේ ඔහු ඉහත හැත්තෑ අට දෙනා සමඟ සටන් කොට බැලුවාද නොමැතිනම් ‍අංජනමක් බැලුවාද යන්න සිතාගත නොහැකි ය. තමන් නොදන්න විෂයයකට සහතික දීම සෝම හිමියන්ගේ සිංහලෙන් රචිත පොතට රුසියානු ජාතිකයන් සම්මානයක් දුන්නා යයි පැවසීමට සමාන ය.

ව්‍යාපාරික අරමුණකින් සිදු කල චිත්‍රපටියකට සටන් අධ්‍යක්ෂණය කිරීම හෝ රඟපෑම අංගම්පොර සටන් කලාවේ ප්‍රවීණයෙකු වීමට සහතිකයක් නම් බුද්ධදාස විතානාරච්චි, ජැක්සන් ඇන්තනි, සේනක වැනි නළුවන් අංගම්පොර සටනේ පරතෙරට ගියවුන් විය යුතු ය.  ජයන්ත චන්ද්‍රසිරි වැනි චිත්‍රපට අධ්‍යක්ෂ වරුන් හා දැරණියගල වැනි රචකයින් අංගම් මොහන්දිරම් වරු විය යුතු ය. චිත්‍රකතා තුළින් ලෝකය දකින පොඩි එකෙ‍කුට වුණත් චිත්‍රකතාවේ ඉන්නේ චරිතයක් පමණක් බවත් එය සැබෑ ජීවිතයේ වීරයෙක් නොවන බවත් තේරුම් ගැනීම අසීරු නැත. ජැක්සන්ට අවශ්‍ය වන්නේ නළුවෙකු මිස සටන් ශිල්පියෙකු නොවේ. සටන් අධ්‍යක්ෂණ කරන්නට අඩු ගානකට එන කෙනෙකුට ඔහු අවස්ථාව දුන්නා විය යුතු ය. නොමැතිනම් දෙන්නාම සිටින්නේ ගෙන්දගම් පොළවේ නිසා හමුවීම ආදිය පහසු නිසා එම තීරණයට එළඹුණා විය යුතු ය. අනෙක් කරුණ නම් සැබෑ සටන් ශිල්පීන් මෙන් නොව හතර අතට නැවෙන රබර් කොන්දක් ඇති එකෙක් පාලනය කිරීම අධ්‍යක්ෂක කෙනෙකුට හරි පහසු ය.


රට වටේ ගොස් අංගම්පොර ඉගෙන ගැනීම

"තාත්තා තරම් පාරම්පරිකව ශිල්පය මේ තරම් දුරට ප්‍රගුණ කරපු කෙනෙක් ඇති කියලා හිතන්න බැහැ" කියා හරි උජාරුවෙන් කියන ගිනිඅලුගේ මෙම ලිපියේ මුලින්ම සඳහන් කරන්නේ "විවිධ ගුරුවරු යටතේ අංගම්පොර සටන් කලාවේ අංග ගණනාවක්ම මැනවින් ප්‍රගුණ කොට ඇති කරුණාපාල ..." ආදී වශයෙනි. බොහෝ මාධ්‍ය වලට ඔහු ප්‍රකාශ කරන්නේ ගුරුවරු 80කින් විතර අංගම්පොර ඉගෙන ගත් බවයි. මෙයත් හරි අපූරු සුරංගනා කථාවකි. සබන් කෑලි විකුණන වෙළෙන්දන්ට අංගම්පොර ඉගැන්වූ අංගම්පොරවල පරතෙරට ගිය තාත්තා කෙනෙකු හා සීයා කෙනෙකු සිටින කරුණාපාලට ගුරුවරු 80 ක් ළඟට යන්නට වුණේ තාත්තාගේ පරතෙරට යාම නිසා විය යුතු ය. මන්ද තාත්තා දන්නා වැඩි කම නිසා පුතාට කියා නොදුන්නා විය යුතු ය.

කෙසේ වුවත් ඔහුගේ ගුරුවරුන් ලෙස ඔහු ප්‍රකාශ කරන්නේ ජේමිස් රාළහාමී, මාදිවෙල කල්ලිස්, අග්ගොන සිල්වා, බැද්දගාන සුගතං වැනි අයයි. ලංකාවේ ඉතිහාසය අමතක වූවාට කොළඹ ජීවත් වන මිනිසුන්ට අවුරුදු 50කට ඉතිහාසය අමතක යයි සිතිය නොහැකි ය. ඉහත නම් ලයිස්තුව පිටකොටුවේ වයසක දෙමළෙකුට පෙන්නුවානම් අපූරු කතාන්දර ටිකක් අහගන්නට පුළුවන. මොකද මෙම පිරිස එවක ‍කොළඹ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ චීනඩි ගුරුවරුන් ය.

14 comments:

Anonymous said...

මම කුන්ග් ෂූ කරන කෙනෙක්. බෲෂ්ලිත් අභියෝග කලා. සටන් කලාවක් අභියෝග කරන්නනේ නැහැ කියන එක නම් පිලිගන්න බැයැ.

Anonymous said...

ඉන්ටෙර්නෙට් අභියෝගේ තියෙනේ මොන site එකේද ? URL එක දෙනවද කරුණාකරලා

අංගම්පොඩි said...

ඔවුන්ගේ ඉන්ටර්නෙට් අභියෝග සඳහා පහත යොමු දෙක බලන්න.

http://www.facebook.com/topic.php?uid=373658867776&topic=14592


මෙම ලිපියට පිළිතුරක් බලාපොරොත්තු වන්න

http://www.facebook.com/photo.php?fbid=109204139169225&set=a.109204022502570.18002.100002389187044&type=1&theater

Kavindi said...

එක කරුණක් හැර , ලිපියේ සදහන් අනෙකුත් කරුණ ගැන නම් ගැටළුවක් නැ. එනම් "ලංකාවේ ඉතිහාසය අමතක වූවාට කොළඹ ජීවත් වන මිනිසුන්ට අවුරුදු 50කට ඉතිහාසය අමතක යයි සිතිය නොහැකි ය" යන වැකිය . එතකොට ලංකාවේ ඉතිහාසය හොදට මතක තියෙන්නේ කොහේ අයටද?

දික්සඳ said...

අංගංහොරු හෙලිදරව්ව F /B එක තනිකරම කෝලම් මඩුවක්නේ

අංගම්පොඩි said...

කාවින්දිට පිළිතුර-
මොන දීපංකරේ හිටියත් ලංකාවේ ඉතිහාසේ සැබෑ සිංහලයන්ට තාම මතකයි. තවත් පැහැදිලි කලොත් බුද්ධ ගජ්ජය-සකස්කඩය කියවපු, කලුසුද්දන් පාසල් පොත් වල ලියපු ඉතිහාසයෙන් එලියට ගිය, දේශීය කලා ශිල්ප ඉගෙන ගත්ත සහ ඒවාට දෙවියන් බුදුන් මෙන් ගරු කරන, ඉතිහාසය කන්නද කියා පාසල් පෙලපොතින් සැබෑ ඉතිහාසය අයින්කරපු ඇමතිවරුන්ට බුරුතු පිටින් ඡන්දය නොදීපු, උප්පැන්නයෙන් පමණක් සීමා නොවී හදවතින්ම සිංහල වූ සිංහලයන්ට.

දික්සඳට පිළිතුරු-
ඉතින් අංගම්හොරු හෙලිදරව්ව කෝලම් මඩුවක් වන එක හොඳයිනේ. මොකද කෝළම්වලින් කියන්නේ ලංකාවේ සැබෑ ඉතිහාසේ නොවැ. ඉතින් මේ කෝලම් මඩුවෙනුත් කියන්නේ අංගම්පොරවල වර්තමාන තිත්ත ඇත්ත.

Kavindi said...

ඔබෙන් පිළිතුරක් දැකීම ගැන සතුටු වෙනවා. ඔබල හැමදාම හිතන්නේ, ඔබලා පමණි , ලංකාවේ සබැ ඉතිහාසේ දන්නේ කියල. නිර්මල වූ අංගම් ශාස්ත්‍රය දන්නෙත් ඔබලා පමණි, වෙන ය දන්නේ නැ කියල තමා හිතන් ඉන්නේ.

දික්සඳ said...

ඒ උනාට අංගම් වගේ උතුම් ශාස්ත්‍රයක් කෝලම් මඩු වල කතා කරන එක හරි නැ නේද? ඔබම සදහන් කරලා තියෙනවා , දේශීය කලා ශිල්ප ඉගෙන ගෙනීම සහ ඒවාට දෙවියන් බුදුන් මෙන් ගරු කරන බව. දෙවියන් , බුදුන් මෙන් ගරුකරන දෙයක් කෝලම් මඩුවල කතා කරනවද ? බොට මඩු වල්ගෙන් තමා තලන්න ඕන. --)->

අංගම්පොඩි said...

දික්සඳ, අංගම් ශාස්ත්‍රයේ ඉපැරණිතම සාමාජිකයා වන මහා සම්මත මනු රජතුමා ගැන තමයි කෝලම් වලින් කථා කරන්නේ. ඒ නිසා අංගම් ගැන කථා කිරීම කෝළමක් කියලා ඔබ කියන්නේ ඔබේ කෝළම් ගැන ඇති අවබෝධය මද බව ඔප්පු කිරීමටයි. දෙවියන් බුදුන් මෙන් සාම්ප්‍රදායික නැටුම් ශිල්පීන් විසින් ගරු කරන්නක් තමයි කෝලම් කියන්නේ. ඉතින් අංගං ගැන කෝළමක කථා කිරීමේ ඇති වැරැද්ද කුමක්ද? ඕක තේරුම් කරන්න හොඳ ශ්ලෝකයක් තියෙනවා.

සාහිත්‍ය සංගීත කලා විහීනඃ
සාක්ෂාත් පශුඃපෘච්ච විශාලහීනඃ
තෘණංනකාදන්තපි ජීවමානඃ
තද්භාගදේයං පරමං පශූනාම්


තේරුම-
සාහිත්‍යා සංගීතය නොදන්නා සත්‍යා වශයෙන්ම සිව්පාවෙකි. ඔහු හා සැබෑ සිවුපාවා අතර ඇති වෙනස වන්නේ වලිගයක් නොමැති වීම හා තණකොළ නොකෑමයි.

හිතල බලන්න මඩු වලිගෙන් තලා ගන්න ‍ඕන කාටද කියල.

දික්සඳ said...

අංගම්පොඩි ,මහා සම්මත මනු රජතුමා අංගම් පොර ශිල්පයෙහි නිපුනයෙක් බව සැබැව. කෝලම් සම්ප්‍රදාය ඒ රජතුමාගේ කාලයේ ඇති උන බවත් සැබැව. එත් ඒ රජතුමා කෝලම් වලින් අංගම් පොර ගැන කතා කර එයට අපහස කලේ නොමැත. ඔහු කෝලම් රග දක්වුවේද නැත. කෝලම් රග දක්වන්නේ වෙනත් පිරිසකි ඒ අංගම්පොර නොවේ . ඔබ මගේ දැනුම ගැන සිතා සිටින හැටි වැරදිය.

අනික් කරුණ නම් , ඉතිහාසයේ අංගම්පොර කෝලම් වල කතා කල බවක් කිසිදු සදහනක නැත. එදා එහෙම දෙයක් සිදු වූ වා නම් , රාජ නීතිය අනුව අත පා කපා දැමීමට සිදු වෙනු ඇත. අදත් කිසිම සබැ අංගම් ශිල්පියෙක් , අංගම් සහ කෝලම් සම්බන්ධ කරනවට කිසිසේත්ම එකග නොවෙනවා ඇත. ඔබ සහ ඔබේ පරම්පරාවේ අය එය නොදැන සිටින බව ඔබගේ පිළිතුරු වලින් මනාවට පැහැදිලි වේ. මට ඇති කනගටුව නම් අංගම් ගැන මහත් ඕනෑකමින් කතා කරන ඔබ, එය කෝලම් වලට දමමින් , අපහස කෙරීමට දරන උතසහය ගැන.

දෙවැනි කරුණ නම්, අංගං ගැන කෝළමක කථා කිරීමේ ඇති වැරැද්ද කුමක්ද? යන්නට දක්වා ඇති ශ්ලෝකයේ , අංගම් කෝළමක කථා කෙරීම හරි කියා සදහන් වෙන්නේ නැත. ඔබ කියන්න යන දේ සහ ශ්ලෝකයේ ඇති දේ අහසට පොලව වගේ. එය අප කතා කරන මාතෘකාවට අදාල නොවේ.

දැන් කාටද මඩු වලිගෙන් තලා ගන්න ‍ඕන...

අංගම්පොඩි said...

අංගම්හොරු හෙළිදරව්ව "කෝලමක් වගේ" යයි කීවේ මම නොවේ. ඔබයි. මා එයට ධනාත්මක පිළිතුරක් දුන්නා පමණි. මන්ද ඔබ කෝළම් යන්න උච්චාරණාර්ථයෙන් ගත් බැවිණි. මා මහාසම්මත මනු ගැන නොකී කතා ඔබ මෙහි සඳහන් කරයි. එක් උදාහරණයක් වන්නේ අංගම්පොර කෝළම් මඩුවල පෙන්වූවා යන්නයි. ඒවා අපට අදාල නැත. යමක් ‍මල කෝලමක් යයි කීමට පටන් ගත්තේ සුද්දන්ට කඩේ යන උන්ය. එයින් උන් කළේ ‍අපේ හෙළ කලා ශිල්ප පහත් කොට සැලකීමයි. ඔබත් එයට උදව් කරන විට මට සිහිවෙන්නේ "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අවනඩුව" යන කියමනයි.

සාහිත්‍ය ගැන ඔබේ දැනුම ඔබ ශ්ලෝකය තේරුම් ගන්නට උත්සාහ කරන ආකාරයෙන්ම පැහැදිලි වේ. සිංහල සාහිත්‍ය යනු වචනාර්ථයට පමණක් සීමා නොවන්නක් බව තේරුම් ගන්න. මා කියා ඇත්තේ ගැට පදයක් මිස හුදු වචනාර්ථයෙන් තේරුම් ගත යුත්තක් නොවන බව තේරුම් ගන්න.

මේ කතිකාවත අංගම්පොරවලට අදාල නොවන නිසා තවදුරටත් මෙවන් මාතෘකාවෙන් බැහැර කරුණු ඉදිරිපත් නොකරන ලෙස බුද්ධිමත් ඔබගෙන් ඉලිලා සිටිනවා.

තෙරුවන් සරණයි.

අංගම්පොඩි said...

අන්තර්ජාල හෝ රීදීතිරයේ වීරයන් ලෙස නම් දරා සිටින කෝට්ටේ ඉලව්මඩුවේ සාමාජිකයන් විසින් ඔවුන්ගේ මුහුණු පොතේ දී කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් අංගම්හොරු බ්ලොක්කරණය තුළ ඔවුන්ට කර ඇති චෝදනාවලින් කර හැර යාමට උත්සාහ දරන බව පෙනී ගොස් ඇති හෙයින් එම පිළිතුරුවලට පහත ලිපියෙන් ප්‍රතිඋත්තර බැඳීමට සිදු වී ඇත.

උත්තරවලට ප්‍රතිඋත්තර පිටුව බලන්න

Kavindi said...

අංගම්පොඩි අංගම් සම්බන්ධව නොවුනත් ඔබ ඇද බාන බින්න ගැන කියයුතුමය. ඔබ වරෙක ශ්ලෝකයක් ලෙසටත් වරෙක ගැටපදයක් ලෙසටත් කියා ඇති පද 4 ගැන යමක් කිය යුතුය. ඔබ ලිය ඇති දේවල් වලින් ,දේශියත්වය ගැන පුරසාරම් කියපු ඔබ ගැට පදයක් යනු කුමක්දවත් කියා වත් දන්නේ නැති බව මනාවට පිළිබිඹු වේ. මා දන්නා තරමින් ඉන්දියාවේ කවීන් ගැටපද ලිව්වේ නැත. ඔබ ලියා ඇත්තේ ඉන්දීය කවියෙකු(චන්ද්‍ර ගුප්තා wickramadithya රජතුමාගේ කාලයේ ) විසින් පුද්ගලයෙක් කෙසේ විය යුතුද යන්න ලියා ඇති කවි පෙළක එක කවියක් පමණි .

අංගම්පොඩි said...

කවින්දි, අපි මිනිස්සුන්ගේ නොදැනුවත් කම ගැන හිනාවෙන්න කැමති නැහැ. නමුත් අපේ පශ්චාත්භාගයෙන් හිනා යනවට නම් කරන්න දෙයකුත් නැහැ. ගැටපද ගැන කථා කරන්න පෙර සිංහල ව්‍යාකරණය ඉගෙන ගත්තොත් හොඳා. එක ඔය අකුරු විසි හයේ ඉංග්‍රීසි තරම් නම් ලේසි නෑ.

සිංහල ව්‍යාකරණයේ තියෙනවා උපමා රූපක කියලා විධියක්. දැන් කවුරු හරි කවින්දිට කීවොත් "උඹ බූරුවෙක්" කියා, කවින්දි භෞතික වශයෙන් වලිගයක් ඇති කකුල් හතරේ සතෙක් කියා කීම නොවේ ඒකේ තේරුම. එවිට කාවින්දි තමන්ගේ පශ්චාත් භාගය අතගා එය ඇත්ත දැයි බැලීම ද බුද්ධිමත් නැහැ. එහි තේරුම 'බූරුවෙක් වගේ' යන්නයි. එසේම අප විසින් 'ඔයා මලක්' කියන එකේ තේරුම රේණු සහිත සැබෑ මලක් යන්න නොවේ. ඒ මලක් වගේ යන්නයි. මා ‍"ගැට පදයක්" යන්නෙක් අදහස් කොට ඇත්තේ උපමා රූපකයක් බව භාෂා ඥානය ඇති ඕනෑම අයෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් කාවින්දි වැනි ස්වභාෂාව නූගත් පිරිසට නම් එය "...මා කියා ඇත්තේ ගැට පදයක් 'වැන්නක්' මිස හුදු වචනාර්ථයෙන්..." ලෙස ලිවිය යුතු බව අපට දැන් වැටහේ.

ගැට පද ඔබට වැඩිය බොහෝම හොඳින් අපි දන්නවා. වෙද ගැට එක් උදාහරණයක්. අහසේ තරු ගලගා ගන්න කීවම අපි කරන්නේ කණාමැදිරියා බෙහෙතට භාවිතා කිරීම මිස ජෙට් එකක් ගෙන අහසට යාමට උත්සාහ කිරීම නොවේ. ඒ වගේම නාගරී අකුරු ලියන්නත් කියවන්නත් කුඩා කාලයේදීම ඉගෙන ගත් අපට සංස්කෘත ශ්ලෝක ගැන කියන්නත් ඕන නැහැ.

ඒ නිසා දැන් ඔබ ඔබගෙන්ම අහල බැලුවොත් හොඳා බින්න ඇදබාන්නේ කවුද කියා. අනික් කරුණ වන්නේ කියන්නට දෙයක් ඇත්තේම නැතිනම් කටපියාගෙන ඉන්නා තරමට හොඳය. මන්ද නොදන්න දේ කථා කිරීමට ගොස් වරිගේ නහ ගැනීම සිදු වන නිසා ය.